බිරිය ගෙන්වා ගැනීමට දරුවාට පහරදී වීඩියෝ කර යවලා

137

මැලේසියාවේ සේවය කරනු ලබන තම බිරිඳව මෙරටට ගෙන්වා ගැනීම සඳහා සත් හැවිරිදි පිරිමි දරුවාට පහරදෙමින් බිරිඳට වීඩියෝ කෝල් පෙන්වූ 25 හැවිරිදි පියකු පෙරේදා (4 දා) නිදහස් දිනයදා අත්අඩංගුවට ගත් බව කොස්මෝදර පොලිසිය පවසයි.

මෙම සැකකාර පියා විසින් එම දරුවාට පහරදෙන ආකාරය වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ සිය බිරිඳට දැකීමට සලස්වා ලංකාවට පැමිණෙන ලෙස තර්ජනය කර ඇතැයි හෙළිවූ බව පොලිසිය කියයි. පහර කෑමට ලක්වූ දරුවා කොස්මෝදර රෝහලට ඇතුළත් කර තිබේ.

සැකකාර පියා මැලේසියාවේ සිටින සිය බිරිඳට මෙරටට පැමිණෙන ලෙස පවසමින් කාලයක සිට බහින්බස් වී ඇතැයි හෙළිවූ බවද පොලිසිය කියයි. දරුවා රැකබලාගෙන ඇත්තේ මිත්තනිය විසින් බවද හෙළිවිනැයි පොලිසිය කියයි. සැකකාර පියා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මේ පිළිබඳව කොස්මෝදර පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්ද්‍රජිත් මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක විජිතානන්ද මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චන්ද්‍රදාස කොඩිතුවක්කු – මාතර

advertistmentadvertistment
advertistmentadvertistment