බිල් වැඩි කළ ගමන් තෙල් විදුලිය ප්‍රතිව්‍යුහගතකරණයට

262

තෙල් සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය මේ වනවිට ලාභ ලබන සේ අයක්‍රම සකස් කරගෙන තිබෙන නිසා මාසයක් ඇතුළත යෝජිත ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වහා ආරම්භ කරන ලෙස රජයේ බලධාරීන් ඒ ආයතන දෙකට උපදෙස් ලබාදී තිබේ.

මෙම රාජ්‍ය ආයතන දෙක ඇතුළු තවත් රාජ්‍ය ආයතන කිහිපයක්ම ප්‍රතිව්‍යුහගත කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර ප්‍රකාශයට පත්කර තිබුණත් අයක්‍රම සකස් කිරීම ප්‍රමාදවීම නිසා යෝජිත ප්‍රතිව්‍යුහගකරණ ක්‍රියාවලිය පමා වූ බව ලංවිම සහ තෙල් සංස්ථා පාලනාධිකාරියේ උසස් නිලධාරීහු “දිවයින ඉරිදා සංග්‍රහය”ට පැවසූහ. මේ අනුව ලංකා විදුලිබල මණ්ඩලය කොටස් කිහිපයකට වෙන්කර පවත්වාගෙන යෑමට සැලසුම් කර ඇත. පුනර්ජනනීය බලශක්ති ප්‍රබවයන් මගින් විදුලිය ජනනය කිරීමේදී දෙස් විදෙස් ආයෝජකයන්ට අවස්ථාව සලසා දීමට නියමිත බව ද ඔවුහු කියා සිටියහ.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව තිබූ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය හා තෙල් සංස්ථාව සතුව තිබූ තෙල් ව්‍යාපාරයෙන් තුනෙන් එක් කොටසක් මේ වනවිටත් ලංකා ඉන්දියානු තෙල් සමාගමට පවරාදී තිබේ. නව ප්‍රතිව්‍යුහගතරකණය ක්‍රියාවලිය යටතේ තෙල් ආනයනය ඇතුළු කටයුතු සඳහා සමාගම්වලට අවසර දෙමින් පුළුල් ලෙස යාවත්කාලීන කිරීම සැලසුම් වී තිබේ.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment