බිලිඳා සුවෙන්

193

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නවතා තිබූ ‘මීනගයා’ රාත්‍රි තැපැල් දුම්රියේ වැසිකිළියක දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට භාරදුන් බිලිඳා සුවයෙන් පසුවන බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය සන්තුෂිත සේනාධිපති මහතා ‘දිවයින’ට ඊයේ (12 දා) පැවසීය.

දින 7 ක් වයසැති බවට සැකකරන බිළිඳාගේ ශරීරය කහපැහැ ගැන්වී තිබුණු බවත්, ඒ සඳහා ප්‍රතිකාර කරන බවත් හෙතෙම කීය.

රෝහල් වෛද්‍යවරුන් ඇතුළු හෙද කාර්ය මණ්ඩලය බිළිඳා ගැන අවධානයෙන් පසුවන බවත්, බිළිඳා වෙනුවෙන් උපරිම ප්‍රතිකාර සිදුකරන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment