බිල නොගෙවන අයගේ ලයිට් කැපීම් ආරම්භ වේ

255

එකවර විදුලි බිල සියයට හැත්තෑපහකින් ඉහළ දැමූවත් සේවක වැටුප් ගෙවීමේ අර්බුදයකට මුහුණ දී සිටින බැවින් විදුලිබල මණ්ඩලය විදුලි බිල් ගෙවීම් පමාකර සිටින පාරිභෝගිකයන්ගේ විදුලිය සිඳලීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

විදුලිබල මණ්ඩල පාලනාධිකාරිය විසින් ලබාදී තිබෙන උපදෙස් මත ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාල මගින් මාසයක් දෙකක් බිල් නොගෙවා ඇති පාරිභෝගික ලැයිස්තු සකසා විදුලිය සිඳලීම මේ වන විට දීපව්‍යාප්තව ක්‍රියාත්මක කර තිබේ.

එලෙස විදුලිය සිඳලීමෙන් පසු හිඟ මුදල පියවූ පසු යළි විදුලිය ලබාදීමේදී රුපියල් 3000 ක අමතර මුදලක් ගෙවීමට ද පාරිභෝගිකයන්ට සිදුවී ඇත.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment