බිෂ්නෝයි කල්ලිය නළුවා මරා ලංකාවට පනින්න හදයි

438

1993 වන විට සල්මන් ඛාන්ට වයස 28 ලබා තිබිණි. එවිට ඔහු තරුවක් ලෙස ප්‍රකට වී තිබිණි. ලෝරන්ස් බිෂ්නෝයි උපන්නේ ද මේ වසරේමය. 1998 දී හුම් සාත් සාත් හේන් චිත්‍රපටයේ රූගතකිරීම සඳහා ජෝදාපූර් වෙත ගොස් සිටියදී කළු මුවන් මැරීමේ චෝදනා එල්ලවන විට බිෂ්නෝයි අවුරුදු පහක කුඩා දරුවෙකි. බිෂ්නෝයි ගෝත්‍රයේ සාමාජිකයන් විසින්ම සල්මාන්ට හා සයිෆ් අලි ඛාන්ට එරෙහිව මුවන් මැරීම පිළිබඳව පැමිණිල්ලක් කර තිබිණි. 2006 දී මේ වරදට සල්මන්ට වසර පහක සිරදඬුවම් නියම විය. 2007 දී මේ දඬුවම අත්හිටුවන ලදී. ලෝරන්ස් බිෂ්නෝයි මේ නළුවා මැරීමට උත්සහ කරන්නේ 2018 වසරේ සිටය.

ලෝක මත්ද්‍රව්‍ය මාෆියාවේද නොම්මර එකේ රජකු දාවුඩ් ඉබ්‍රාහිම් ක්‍රිකට් ඔට්ටු තැබීමේ ව්‍යාපාරයේ මහමොළකරුය. හෙතෙම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ දකුණු ආසියාතික බලවතාය. මිනීමැරුම්, කප්පම් ගැනීම්, ඉලක්කගත මනුෂ්‍ය ඝාතන, ත්‍රස්තවාදය සහ තවත් නීති විරෝධී කටයුතු රැසක් සම්බන්ධව ඉන්දියාවට සහ ඇමෙරිකාවට වඩාත්ම අත්‍යවශ්‍ය පුද්ගලයෙකි. 1993 වසරේදී මුම්බායි නුවර සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට අත්‍යවශ්‍යව සිටින දාවුඩ් ඉබ්‍රාහිම්ගේ හිස ගෙනැවිත් දෙන ඕනෑම අයකුට ඇමෙරිකා ඩොලර් මිලියන විසිපහක මුදල් ත්‍යාගයක් පිරිනමන බව ඉන්දියාව මෙන්ම ඇමෙරිකාවද ප්‍රකාශ කර ඇත්තේ මීට දශක කිහිපයකට පෙර සිටය. එහෙත් අදටත් ඔහු සිටින ස්ථානයක් හෝ ගැවසෙන ස්ථානයක් සොයා ගැනීමට මේ දෙරටෙහිම බුද්ධි අංශ සමත් වී නැත. ඉන් කියැවෙන්නේ ලොව නොම්මර එකේ බුද්ධි සේවාව ලෙස සැලකෙන සීඅයිඒ මෙන්ම එෆ්බීඅයි සංවිධානයටත්, ඉන්දියාවේ රෝ ඔත්තු සේවයටත් වඩා ඔහු පියවරක් ඉදිරියෙන් සිටින බවය. ඉන්දියාව නම් කියන්නේ දාවුඩ් ඉබ්‍රාහිම් පාකිස්තාන භූමියේ ආරක්ෂා සහිතව ජීවත්වන බවය. ඔහු කරච්චි නුවර සැඟවී සිටින බවට තොරතුරු පළවුවත් පාකිස්තානය එම වාර්තාව තරයේම ප්‍රතික්ෂේප කර තිබේ. නමුත් අද අපි කතා කරන්නේ දාවුඩ් ඉබ්‍රාහිම් උපයන අතිවිශාල ‘කළු සල්ලි’ ගැන නම් නොවේ. ඔහු නළුවන්ට මරණ තර්ජන එල්ල කරන්නට ගිය පුද්ගලයෙක් නම් නොවේ.

ලෝරන්ස් බිෂ්නෝයි එල්. එල්. බී. උපාධිය ලබාගෙන ඇත්තේ පන්ජාබ් සරසවියෙනි. එහෙත් ඔහු දැන් සිටින්නේ තිහාර් බන්ධනාගාරයේය. ඉන්දියාවේ කුප්‍රකට අපාරාධකරුවකු වන මොහුගේ වෙඩික්කරුවන් 700ක් ඉන්දියාව පුරා විසිර සිටින බව කියවේ. පොලිස් නිලධාරියකුගේ පුත්‍රයා වන 32 හැවිරිදි වියේ පසුවන ‘දිලිසෙන කළු ඇස්’ හිමි මැරවරයාට දිල්ලි, හිමාචල් ප්‍රදේශ්, හර්යානා, පන්ජාබ් සහ රාජස්ථාන් යන ප්‍රාන්තවල මිනීමැරුම් සහ කප්පම් ගැනීම් සම්බන්ධයෙන් චෝදනා රැසක් එල්ලවී තිබේ. (දාවුඩ් ඉබ්‍රාහිම් උපත ලබා ඇත්තේද ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පොලිස් කොස්තාපල්වරයකුට දාවයි) ‘පන්ජාබ් ගායන ශිල්පියකු’ වන ‘සිදූ මූස්වාලා’ ඝාතනය කිරීමත් සමඟ මොහු ගැන වැඩියෙන් කතා වූ අතර නිවුස් 18’ සමග සම්මුඛ සාකච්ඡාවකට ද එක් වූ බිෂ්නෝයි, පනජාබ් ගායකයාගේ ඝාතනය ‘තමාගේ දෑතින්’ සිදු කෙරූවක් බැව් ප්‍රසිද්ධියේ කියා තිබුණි. දැන් පුවත් මැවෙන්නේ සල්මාන් ඛාන් ඝාතන ප්‍රයත්නය සබන්ධයෙනි. ඇත්තෙන්ම බිෂ්නෝයි පාතාලයා මේ ප්‍රකට නළුවා මරන්නට හොයන්නේ කවර හේතුවකටද? 1998 දී රාජස්ථානයේ රක්ෂිත වනයක ‘සල්මාන්’ සිදු කළ වෙඩි තැබීමකින් ‘කළු මුවන් දෙදෙනකු මියයෑම හේතුවෙනි. බිෂ්නෝයි වංශය කළු මුවන් අතිශය පූජනීය ලෙස සැළකන හේතුවෙන් මෙයට පාලිගැනීමට පාකිතානයෙන් ලැබුණු ආයුධ යොදාගෙන නළුවා මරා ලංකාවට පැනයෑමට කුමන්ත්‍රණය කළ සිව් දෙනෙක් මුම්බායි පොලිසියේ අත්අඩංගුවට පත්ව තිබේ. සල්මාන්ට එල්ලවන්නට තිබුණේ අයිසිස් ප්‍රහාරයක් නම් නොවේ. නමුත් අවසානයේ මෙහි කොනක් ලංකාවටත් ගෑවී තිබේ. මුම්බායි පොලිසිය අපාරාධකරුවන්ගේ වට්ස්ඇප් ජාලයට සිය ඔත්තුකරුවන් රහසේ මුසුකිරීම හේතුවෙන් ඉන්දියාවම කළඹන මේ ඝාතන කුමන්ත්‍රණය සොයා ගැනීමට හැකිව තිබේ.

බිෂ්නෝයි එක් වතාවක සඳහන් කර තිබුණේ ‘ඔබ සල්මාන් ඛාන් සහෝදරයකු ලෙස සලකන්නෙ. හැබැයි ඔයාගේ සහෝදරයා දැන් බේරගන්න වෙලාව ඇවිල්ලා. මේ පණිවුඩය සල්මන්ටත් දෙන්න.. කිසිම කෙනකුට ඔබව බේරගන්න බෑ….” යනුවෙනි. පන්ජාබි ගායක සිදුහත් මූස්වාලා ඝාතනයට යොදාගත් තුර්කියේ නිෂ්පාදිත සිගානා පිස්තෝලයෙන් ද නළු සල්මන් ඛාන් ඝාතනය කිරීමට කල්ලිය සූදානම් වෙමින් සිටි බව මුම්බායි පොලිසිය කියයි. පසුගිය අප්‍රේල් 14 වැනිදා සල්මාන්ගේ බන්ද්‍රා නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ලවිය. ඛාන් ගේ බන්ද්‍රා නිවසට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් වෙඩි තබා තිබිණි. සිද්ධියෙන් පසු සැකකරුවන් හතර දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. විකී ගුප්තා සහ සාගර් පල් ගුජරාටයේ දී අත්අඩංගුවට ගනු ලැබූ අතර, අනුජ් තාපන් සහ අතිරේක පුද්ගලයකු පන්ජාබ් හි අප්‍රේල් 26 වන දින රඳවා තබන ලදී. අවසානයේ පුද්ගලයන් 6 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති නමුත් අනුජ් තාපන් පොලිස් අත්අඩංගුවේ සිටියදී සියදිවි හානි කරගෙන තිබිණි. දකුණු මුම්බායි හි අසාද් මයිඩාන් පොලිස් ස්ථානයේ දී මේ මරණය වාර්තා විය.

ඇත්තෙන්ම ලෝරන්ස් බිෂ්නෝයිගේ කල්ලිය විසින් බොලිවුඩ් නළු සල්මන් ඛාන් මහාරාෂ්ට්‍රයේ පන්වෙල්හි පිහිටි ඔහුගේ ගොවිපළ අසලදී ඔහුගේ මෝටර් රථය නවතා AK-47 රයිෆල්වලින් වෙඩි තබා ඝාතනය කිරීමට සැලසුම් කර තිබුණේ අප්‍රේල් ප්‍රහාරයට පෙර සිටය. මේ බව හෙළිවූයේ පන්වෙල් පොලිසිය විසින් බිෂ්නෝයි කල්ලියේ වෙඩික්කරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගැනීමත් සමගය. මෙලෙස අත්අඩංගුවට පත්ව සිටින්නේ ධනංජය තප්සිං හෙවත් අජේ කාශ්‍යප්, ගරුව් භාටියා නොහොත් නවී, වස්පි ඛාන් හෙවත් වසීම් චික්නා; සහ රිස්වාන් ඛාන් හෙවත් ජාවෙඩ් ඛාන් යන සිව්දෙනාය. මුම්බායි පොලිසියට අනුව, ලෝරන්ස් බිෂ්නෝයි සහ සම්පත් නේරාගේ කල්ලියේ පාතාල සාමාජිකයන් 60 ත් 70 ත් අතර ප්‍රමාණයක් මුම්බායි, තානේ, පූනේ, රයිගාඩ්, ගුජරාට් යන ප්‍රදේශවලින් සල්මන් ඛාන්ගේ රූගත කිරීම් සිදු කරන ස්ථාන, නිවෙස් සහ හෝටල් ඇතුළු සියල්ලගේම ඔත්තු බලා ඇත්තේ මේ නළුවාට මරණීය ප්‍රහාරයක් එල්ල කිරීම සඳහාය.

මුම්බායි පොලිස් ආරංචිමාර්ග ඉන්දියා ටුඩේ ටීවී වෙත පවසා තිබුණේ අත්අඩංගුවට ගත් එක් ප්‍රහාරකයෙක් වන අජේ කාශ්‍යප් ප්‍රශ්න කිරීමේදී හෙළි කර ඇත්තේ ඔහු පාකිස්ථානයේ ඩෝගා නම් ආයුධ ජාවාරම්කරුවකු සමග සම්බන්ධ වී අපරාධය සිදු කිරීම සඳහා M16, AK-47 සහ AK-92 රයිෆල් ලබා ගැනීමට කටයුතු කර ඇති බවය. එසේම අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගේ ජංගම දුරකථනවලින් AK-47 රයිෆල්වලට අමතරව වෙනත් ආයුධවලින් සල්මන් ඛාන්ට පහරදීමට උපදෙස් දුන් වීඩියෝ දර්ශන ද පොලිසිය විසින් සොයාගෙන තිබේ. පොලිසිය විසින් සොයා ගන්නා ලද එක් වීඩියෝ පටයක කාශ්‍යප් තම සහකරුට කතා කරන ආකාරය පෙන්නුම් කරයි. එහිදී ඔහු පවසන්නේ “මෙම වැඩ සඳහා ආයුධ ලැබුණු විට සල්මන් ඛාන්ට පාඩමක් ලැබෙනු ඇති බවයි. එසේම ප්‍රහාරය සාර්ථක වුවහොත් කැනඩාවෙන් මුදල් ලැබෙනු ඇති බවද හෙතෙම පවසයි.

මුම්බායි පොලිස් ප්‍රධානියෙක් වන පන්සාරේ මහතා මේ මෙහෙයුම සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වා තිබිණි. “අපි විමර්ශනය කරනවා. මේ සම්බන්ධයෙන් තවත් පිරිසක් අවශ්‍යයි. 16 දෙනකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් 2023 ඔක්තෝම්බර් මාසයේ සිට මෙම නඩුව සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටිනවා. ව්‍යර්ථ කරන ලද ප්‍රහාරය සැලසුම් කිරීමේදී පුද්ගලයන් 20-25ක් පමණ සම්බන්ධ වෙලා තියනවා. අප්‍රේල් මාසයේ බන්ද්‍රා නිවසට වෙඩි තැබීමට පෙර සිටම මෙම පුද්ගලයන් සිව්දෙනා පන්වෙල්හි විවිධ ස්ථානවල රැඳී ඉඳලා තියනවා. අජේ කාශ්‍යප් සියලු දෙනා සමග සම්බන්ධීකරණය කරමින් හිටපු කෙනා ඔහු සතුව ආයුධ පිළිබඳ තොරතුරු ද තිබුණා. ඔවුන් පලායෑමේ සැලැස්ම ගැන පවා සාකච්ඡා කරලා තියනවා. අපරාධකරුවන් කන්‍යාකුමාරි සිට බෝට්ටුවකින් ශ්‍රී ලංකාවට පැන යෑමට සැලසුම් කර තිබුණා.”

1993 වන විට සල්මන් ඛාන්ට වයස 28 ක් ලබා තිබිණි. එවිට ඔහු තරුවක් ලෙස ප්‍රකට වී තිබිණි. ලෝරන්ස් බිෂ්නෝයි උපන්නේ ද මේ වසරේමය. 1998 දී හුම් සාත් සාත් හේන් චිත්‍රපටයේ රූගතකිරීම සඳහා ජෝදාපූර් වෙත ගොස් සිටියදී කළු මුවන් මැරීමේ චෝදනා එල්ලවන විට බිෂ්නෝයි අවුරුදු පහක කුඩා දරුවෙකි. බිෂ්නෝයි ගෝත්‍රයේ සාමාජිකයන් විසින්ම සල්මාන්ට හා සයිෆ් අලි ඛාන්ට එරෙහිව මුවන් මැරීම පිළිබඳව පැමිණිල්ලක් කර තිබිණි. 2006 දී මේ වරදට සල්මන්ට වසර පහක සිරදඬුවම් නියම විය. 2007 දී මේ දඬුවම අත්හිටුවන ලදී. ලෝරන්ස් බිෂ්නෝයි මේ නළුවා මැරීමට උත්සහ කරන්නේ 2018 වසරේ සිටය. එක අවස්ථාවක සල්මන් ගේ පියාටද පුත්‍රයා මරා දමන බවට දන්වමින් ලිපි ඒවා තිබිණි. මීට මාස කිහිපයකට පෙර “ආප් කි අඩාලත්” නම් රූපවාහිනි වැඩසටහනකට පෙනී සිටින අතරතුර මෙම සුපිරි තරුව පැවසුවේ අනාරක්ෂිතභාවයට වඩා ආරක්ෂාව හොඳ බවයි. ඉන්දියාවේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම දන්නවා මොනවා කළත් වෙන්න යන ඕනෑම දෙයක් වෙනවා කියලා. මම ඒක විශ්වාස කරනවා ඉහළට, දෙවියන් වහන්සේ සිටින බව.”

මීට වසර නමයකට පෙර එනම් 2015 වසරේදී අනියම් මිනීමැරුමකට වරදකරු කොට බොලිවුඩ් සුපිරි නළු සල්මන් ඛාන්ට ලබා දුන් පස් වසරක සිරදඬුවම මුම්බායි මහාධිකරණය අවලංගු කර තිබිණි. පදික වේදිකාවක් මත නිදා සිටි පුද්ගලයකු මතින් බීමතින් රිය පැදවීමේ චෝදනාවට වරදකරු වූ සල්මන් ඛාන්ට ඉන්දීය අධිකරණයක් විසින් පස් වසරක සිර දඬුවමක් නියම කරනු ලැබුවේ එම වසරේම මැයි මාසයේදීයි. 2003 වසරේ සිදු වූ රිය අනතුරින් පදික වේදිකාවේ නිදා සිටි නූර් උල්ලා ඛාන් නමැති පුද්ගලයා මරුමුවට පත් විය. සිර දඬුවම් ලබා දීමට පහළ අධිකරණය ගත් තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කොට තිබුණු අතර එහි තීන්දුව ප්‍රකාශයට පත් වන තෙක් සල්මන් ඛාන් ඇප මත නිදහස් කොට තිබිණි. එනිසා අපට පවසන්නට ඇත්තේ මේ නළුවාටත් නඩු තියෙන්නේ මුවන් මැරීම සම්බන්ධයෙන් පමණක්ම නොවන බවයි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment