බිහාරයේ ව්‍යාජ ඖෂධ වෙළෙන්දෝ මාධ්‍යවේදියා ඝාතනය කරති

444

* සිරුර මහමග දමා ගිහින්

 ව්‍යාජ ඖෂධ ගැන තොරතුරු හෙළි කළ ඉන්දීය මාධ්‍යවේදියකු වූ බුද්ධිනාත් හෙවත් අවිනිශ් ඝාතනය කර ඔහුගේ සිරුර මහමග දමාගොස් තිබියදී පොලිසිය සොයාගෙන ඇත.

 මෙය සිදු වී ඇත්තේ නැගෙනහිර බිහාරයේ මදුබානි ප‍්‍රදේශයේයි. සිව් දිනක් තිස්සේ අතුරුදන් වී සිටි අවිනිශ්ට ව්‍යාජ ඖෂධ අලෙවිකරන ෆාමසිවලින් තර්ජනය එල්ල වී තිබුණි. මේ අතර ඇෆ්ගන් රූපවාහිනි නිවේදක හමීඞ් සයිහානි කාබුල්හී සිදු වූ පිපිරීමකින් මරුමුවට පත් විය.

 අර්යානා රූපවාහිනියේ සේවය කළ හමිඞ් ඝාතනය කිරීම සඳහා පිපිරීම ක‍්‍රියාත්මක කළේ කුමන කණ්ඩායම දැයි හෙළි වී නැත.

advertistmentadvertistment
advertistmentadvertistment