බිහිසුණු සහ සංකූලතා නැතත් ඩෙල්ටාට වැඩි වේගයෙන ඔමික්‍රෝන් පැතිරෙනවා – ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රධානී කියයි

135

ඔමික්‍රෝන්‘ වෛරස විකෘතිය ‘ඩෙල්ටා‘ විකෘතිය තරම් බිහිසුණු එකක් නොවේ යැයි දිනෙන් දින තහවුරු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රධානී ටෙඩ්‍රෝස් ඇඞ්හොම් ගෙබි‍්‍රයේසිස් පවසයි.

ඔමික්‍රෝන්‘ විකෘතිය, බිහිසුණු සංකූලතා හෝ රෝගී තත්ත්වයන් පෙන්නුම් නොකළත්, එය ‘ඩෙල්ටා‘ විකෘතියට වඩා වැඩි වේගයකින් ව්‍යාප්ත වන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රධානියා පවසයි.

ලොව සියයට 90 ක් කොවිඞ් – 19 රෝගීන් ලෙස වාර්තා වන්නේ ඩෙල්ටා විකෘති ප‍්‍රභේදය ආසාදනය වූවන් බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රධානියා සිහිපත් කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රධානී මේ කරුණු හෙළිකර ඇත්තේ ජිනීවා නුවර පැවති මාධ්‍ය හමුවකදීය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment