බිළිඳා ප්‍රාණ ඇපයට ගෙන මවගේ ගෙලට පිහියක් තබා මුදල් හා රන් ආභරණ කොල්ල කෑ කල්ලියේ තිදෙනා අත්අඩංගුවට

88

ආණමඩුව මෙත්පාගම ප්‍රදේශයේ පදිංචි තරුණ මවකගේ ගෙලට පිහියක් තබා බිය වද්දා ඇයගේ බිළ`ිදු දරුවා මරා දමන බව පවසා සිය මංගල මුදුව හා රුපියල් එක්ලක්ෂ විසිහය දහසක මුදලක් කොල්ලකා පළාගිය සැකකරුවන් තිදෙනෙකු 2 දින අලු‍යම ආණමඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව හා තෝනිගල ප්‍රදේශයේවල පදිංචි තිදෙනෙකි. එම සැකකරුවන් වයස අවුරුදු 37, 26, 25 යන වයස් සීමා වල පසුවන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බව පොලිසිය පවසයි.

සැකකරුවන් ඇගේ සැමියා රැකියාවට යනතුරු නිවස ආසන්නයේ පිහිටි තේක්ක වත්තේ සැඟව සිට නිවසට කඩා වැදී කුඩා දරුවා ඔවුන්ගේ ග්‍රහණයට ගෙන මරණීය තර්ජන කරමින් මවගේ ගෙලට පිහියක් තබා සිර කරමින් ඇය සතු මුදල් හා රන් ආභරණ ඉල්ලා තිබේ. පසුව දරුවා හා තමාව මරා දමයි යැයි බියට ඇය නිවස ඉදිකිරීමට ආරක්ෂිතව තබා තිබූ මුදල් හා රන් ආභරණ දීමට කටයුතු කළ බව ඇය පොලිසිය හමුවේ පවසා ඇත.

සොරුන් විසින් නිවසේ තිබූ ජංගම දුරකථනයද සොරා ගෙන ඇත. මෙම සිද්ධිය වූ අවස්ථාවේ සොරුන් සමග ඇතිවූ පොර බැදීමකදී මවගේ ගෙලට හා අත් වල කැපීිම් තුවාල සිදු වී ආණමඩුව රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබා ගැනීමට ද කටයුතු කර ඇත.

ආණමඩුව පොලිස් ස්ථානයේ බුද්ධි නිලධාරින් හා සෙසු නිලධාරින් කණ්ඩායමක් විසින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසුව අදාළ සැකකරුවන් හඳුනාගෙන 2 දින අලු‍යම අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ආණමඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත බණ්ඩාර මහතා පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ආණමඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ආණමඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත බණ්ඩාර මහතාගේ උපදෙස් මත අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.එස්. ජයන්ත මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් මෙම සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට කටයුතු කළේය.
අමරනන්ද විජේසේකර-පුත්තලම

advertistmentadvertistment
advertistmentadvertistment