බ්‍රිතාන්‍යයට බෝම්බ ගහනවා – රුසියාව තර්ජනය කරයි

1044

මොලඩෝවා රාජ්‍යයේ ගුවන් විදුලි කුලුනු 2ක් පිපිරීමකින් වැනසෙයි

 බ්‍රිතාන්‍යයේ තානාපතිවරුන්ට ප්‍රහාර එල්ල කරන බව රුසියාව තර්ජනය කර ඇත. රුසියානු විදේශ ඇමැති සර්ජි ලැව්රෝව් පැවසූවේ දිගින් දිගටම බි්‍රතාන්‍යය විසින් යුක්රේනයට අවි ආයුධ සැපයුවොත් තෙවැනි ලෝක යුද්ධයක් ඇතිවන බවයි.

 මේ අතර බි්‍රතාන්‍යය තානාපතිනි මෙලින්ඩා සමර් යුක්රේනයේ කිව් අගනුවරට පැමිණ තිබේ. අවි ආයුධ සැපයීමෙන් බි්‍රතාන්‍යය යුද්ධය දිගටම ගෙනයෑමට උත්සාහ කරන බව රුසියානු රජය බි්‍රතාන්‍යය අගමැති බෝරිස් ජොන්ස්ටන්ට චෝදනා කර තිබේ. මේ අතර මොලඩෝවා රාජ්‍යයට සම්බන්ධ ට්‍රාන්ස්නිස්ටි්‍රයා ප්‍රාන්තයේ තිබූ අධිබලැති ගුවන් විදුලි තරංග සම්ප්‍රේෂණ කුලුනු දෙකක් බෝම්බ පිපිරීමකින් විනාශ වී ඇත. මෙම ප්‍රාන්තයේ 1500ක රුසියානු භට පිරිසක් ස්ථානගත වී තිබේ. යුක්රේනය අසල අසල්වැසි රාජ්‍යයක් වූ මොලඩෝවා ට්‍රාන්ස්නිස්ටි්‍රයා ප්‍රාන්තයේ ගුවන් විදුලි තරංගවලින් රුසියානු පුවත් විකාශනය කර ඇතැයි වර්තා විය.

advertistmentadvertistment
advertistmentadvertistment