බි‍්‍රතාන්‍යය සහ ජර්මනිය යුක්රේනයට මිසයිල 18000ක් සපයා  ගිනි අවුළුවයි

828

රුසියානු යුක්රේන ගැටුම වර්ධනය කරමින් නේටෝ සංවිධානය යුක්රේනයට අවි ආයුධ සැපයීමට තීරණය කර ඇත. මේ බව නේටෝ ප‍්‍රධානී ජෙන්ස් ස්ටොල්ටෙන්බර්ග් හෙළි කර තිබේ. බි‍්‍රතාන්‍යය ද යුක්රේනයට මිසයිල 6000ක් ද ඩොලර් මිලියන 40ක් ද ලබාදීමට ඒකග වී තිබේ. බි‍්‍රතාන්‍යය රජය තවදුරටත් හෙළි කළේ ඉදිරියේදී මිසයිල 10000ක් යුක්රේනයට ලබාදීමට ක‍්‍රියා කරන බවයි.

 මේ අතර ජර්මනිය තමන් සතු ස්ටේරලා මිසයිල 6000ක් ද යුක්රේනයට යවා ඇත. මෙම පසුබිම මැද යුක්රේනය විසින් රුසියානු හමුදාවට සිදු වූ හානිය ගැන තොරතුරු හෙළි කර තිබේ. මියගිය භට සංඛ්‍යාව 15800 යුද ටැංකි 530 සන්නද්ධ වාහන 1597 කාලතුවක්කු 280 මල්ටි බැරල් 82 ගුවන් ආරක්‍ෂක පද්ධති 47 ගුවන් යානා 108 ප‍්‍රහාරක හෙලිකොප්ටර් 124 යුද වාහන 1033 යුද නැව් 4 ඉන්ධන රථ 72 ඩ්‍රෝන් යානා 50

advertistmentadvertistment
advertistmentadvertistment