බි්‍රතාන්‍ය අගමැති පුටුව රිෂී සුනත්ට ?

131

බි්‍රතාන්‍යයේ නව අගමැතිවරයා වශයෙන් සුපිරි කෝටිපතියකු වූ රිෂි සුනත් ඊයේ (25 දා) සවස පත්වීමට නියමිතව තිබිණි.

අගමැති ධුරය සඳහා වූ සටනින් හිටපු අගමැති බෝරිස් ජොන්සන් ඉවත් විය.

බි්‍රතාන්‍ය වේලාවෙන් ඊයේ (25 දා) දහවල් 2.15 ට ඡන්ද විමසීම ආරම්භ වීමට නියමිතව තිබිණි.

කොන්සවේටිව් මන්ත්‍රීවරු 170කගේ සහාය රිෂි සුනත්ට ලැබෙන බව බි්‍රතාන්‍ය මාධ්‍ය අනාවරණය කළේය.

සුනත්ට එරෙහි ඡන්ද සටනට අලුතින්ම ඇතුළු වී ඇත්තේ ජෙසි මොර්ඩොන්ට්ය. සවස 2.00 ට පෙර තමා කොන්සවේටිව් මන්ත්‍රීවරුන් 100 කගේ සහාය ලබා ගන්නා බව ඇය පැවසුවාය.

කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment