බ්‍රිතාන්‍ය නිලධාරියා දණගැස්සවූ ඔස්කාර් නැටවූ ‘නාටු නාටු’

128

තෙළිඟු බසින් ‘නටන්න, නටන්න’ ලෙස පරිවර්තනය වන ‘නාටු නාටු’ ගීතයේ ජවසම්පන්න රිද්මය RRR චිත්‍රපටය ඇමෙරිකාවේදී එළිදැක්වීමෙන් පසු ලෝකයේ ම උද්වේගයක් ඇති කළ බව රහසක් නොවේ. 95 වැනි ඔස්කාර් සම්මාන උළෙලේදී මේ ගීතය හොලිවුඩයම නටවන්නට සමත් විය. ‘නාටු නාටු’ ගීතය හොඳම ස්වතන්ත්‍ර ගීතයට හිමි ඔස්කාර් සම්මානය ලබමින් ඉතිහාසගත වූයේ ඉන්දියාවට මහත් අභිමානයක් ලබා දෙමිනි.

සම්මානය භාරගනිමින් ‘නාටු නාටු’ ගීතයේ රචක එම්.එම්. කීරවානි පැවසුවේ “මෙය හැම ඉන්දියානුවෙක්ගේ ම ආඩම්බරය” බවය. ඇමෙරිකානු සංගීත ශීල්පීන් යුගලයක් වන The Carpenters (විසින් ගායනා කළ) ගීතවලට සවන් දෙමින් තමා හැදී වැඩුණු බව පැවසූ ඔහු, සිය කතාවේ ඉතිරිය ඔවුන්ගේ ජනප්‍රිය ගීතයක් වන Top Of The World ගීතයේ තාලයට ගායනා කළේ ය. RRR ( චිත්‍රපටය) මාව ලෝකයේ ඉහළට ම ගෙන ගියා යැයි ඔහු පැවසූ විට ලොව ප්‍රකට නළු නිළි පරම්පරාවම මහා හඬින් සිනාසෙමින් අත්පොළසන් දුන් අයුරු දක්නට ලැබිණි. ඔස්කාර් සම්මාන උළෙලට පැමිණ සිටි ‘නාටු නාටු’ ගීතයේ එක් ගායකයකු වන කාලා බයිරාවා පවසා තිබුණේ ‘ලෝකය පුරා ම සිටින මිනිසුන් එකට එකතුවෙලා ඔවුන්ගේ සංස්කෘතිය සහ ඔවුන්ගේ කලා නිර්මාණ විධි ඉදිරිපත් කරනවිට අනෙක් රටවල් සහ ජනතාව ඒවා අගය කිරීම ඔස්කාර්හි ඇති වඩාත් ම සුන්දර ම කරුණක් බවයි. ‘නාටු නාටු’ ජනවාරියේ දී ඉතිහාසගත වූයේ එය ‘ගෝල්ඩන් ග්ලෝබ්’ හොඳම ගීතයට හිමි සම්මානය පළමුවරට ඉන්දියාවට දිනා දෙමින් ය.

බ්‍රිතාන්‍ය නිලධාරියා දණගැස්සවූ ඔස්කාර් නැටවූ ‘නාටු නාටු’

එම මාසයේ දී ම, ‘ක්‍රිටික්ස් චොයිස්’ සම්මාන උළෙලේ හොඳම ගීතයට හිමි සම්මානය ද දිනාගත්තේ ය. ඇත්තෙන්ම මෙම ගීතය පටිගත කෙරුණේ යුක්‍රේනය ජනපති මන්දිරය ඉදිරිපිටය. ‘නාටු නාටු’ ගීතය, දිනකට පැය 12ක් වැඩ කරමින් නර්තන ශිල්පීන් 150ක් හා කාර්ය මණ්ඩලයේ 200ක් සමගින් දින 15ක් පුරා රූගත කරන ලදි. එයින්ම මේ සඳහා කොපමණ වෙහෙසක් හා මුදලක් වැය කර ඇත්තදැයි සිතා ගත හැකිය. මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂක, එස්.එස්. රාජමෞලි ‘වැනිටි ෆෙයාර්’ වෙත පවසා තිබුණේ ඔහු ‘නාටු නාටු’ නිර්මාණය කළේ, නර්තනය මගින් බි්‍රතාන්‍ය නිලධාරියෙක් දණගස්වනා නිදහස් සටන්කාමීන් දෙදෙනෙකුගේ ‘සටන් දර්ශනයක්’ ලෙස බවයි. මේ ගීතයේ තෙළිඟු කතා කරන ප්‍රාන්තවල නිතරම යොදාගන්නා ජන ගී සහ ග්‍රාමීය පසුබිම් කිහිපයක රිද්මයන් ඇතුළත් ය. Rise (පිබිදීම), Roar ගර්ජනාව), Revolt (කැරැල්ල) යන වචනවල කෙටි යෙදුම වන ඍඍඍ, යනු ඉන්දියාවේ බි්‍රතාන්‍ය පාලනයට එරෙහි ව සටන් කරන විප්ලවවාදීන් දෙදෙනෙකුගේ කතාව පැවසෙන නිර්මාණයකි. ඔස්කාර් සම්මාන උළෙලේ නිවේදිකාවක් ලෙස කටයුතු කළ ප්‍රකට බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් විසින් මෙම ගීතය හඳුන්වා දීමද විශේෂ අවස්ථාවකි. එසේම ඉන්දියාවෙන් ඉදිරිපත් කර තිබූ The Elephant Whisperers කෙටි චිත්‍රපටය ද ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබීම විශේෂ සිද්ධියකි.

බ්‍රිතාන්‍ය නිලධාරියා දණගැස්සවූ ඔස්කාර් නැටවූ ‘නාටු නාටු’

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම සහාය නළුවා සම්මානය ‘Everything Everywhere All at Once’ සිනමා පටයේ රංගනය වෙනුවෙන් කී හේ ක්වෑන් හිමිකර ගෙන තිබේ. හොඳම සහාය රංගන ශිල්පිනියට හිමි සම්මානය ‘Everything Everywhere All at Once’ සිනමා පටයේ රංගනය වෙනුවෙන් ජේමි ලී කර්ටිස් විසින් හිමිකර ගත්තාය. සම්මාන උළෙලේ වැඩි අවධානයක් දිනාගත්, හොඳම රංගන ශිල්පියාට හිමි සම්මානය දිනාගත්තේ බ්‍රැන්ඩන් ෆ්රේසර් විසිනි. ඒ ‘ද වේල්’ සිනමාපටය වෙනුවෙනි. හොඳම රංගන ශිල්පිනියට හිමි ඔස්කාර් සම්මානය දිනාගත් පළමු ආසියාතිකයා බවට පත්වෙමින් මෙවර එම සම්මානය දිනාගැනීමට මිෂෙල් යෝ සමත් වුණි. ඒ ෑඩැරහඅයැරු ්කක ්එ ධබජැ සිනමා පටය වෙනුවෙනි. සුදු හමක් නොමැති අයෙක් එම සම්මානය පාත්‍ර වූ පළමු අවස්ථාව ද මෙයයි. මේ අතර සම්මාන උළෙලේ අවසන් සම්මානය වන හොඳම සිනමාපටයට හිමි සම්මානය දිනාගත්තේ ‘Everything Everywhere All at Once’ සිනමා පටයයි.’Everything Everywhere All at Once’ චිත්‍රපටය හොඳම චිත්‍රපටයට හිමි සම්මානය මුල සිටම පෙරමුණේ සිටියේය.

බ්‍රිතාන්‍ය නිලධාරියා දණගැස්සවූ ඔස්කාර් නැටවූ ‘නාටු නාටු’

මෙවර සම්මාන උලෙළේදී එම චිත්‍රපටය වැඩි ජයග්‍රහණ හිමිකර ගනු ඇතැයි අනාවැකි පළ කර තිබුණේ සති ගණනකට පෙර සිටය. 95 වැනි ඔස්කාර් සම්මාන උළෙල ලොස් ඇන්ජලීස් හි ඩොල්බි රඟහලේ දී පැවැති අතර ජිමී කිමෙල් විසින් සම්මාන උළෙල මෙහෙයවනු ලැබිය. ජිමී කිමල් මෙවර ඔස්කාර් සම්මාන උළෙලෙ මෙහෙය වීම සඳහා වේදිකාවට පැමිණියේ තුන් වැනි වරටය. විල් ස්මිත් ක්‍රිස් රොක්ට වේදිකාවේදී කම්මුල් පහරක් එල්ල කළ

පසුගිය වසරේ ඔස්කාර් සම්මාන උළෙල ආන්දෝලනයට ලක්වීම ගැන කෙටි වදන් කිහිපයක් සඳහන් කළේය. “අපට අවශ්‍ය ඔබ විනෝද වීම, ආරක්ෂිත බවක් දැනීම සහ වඩාත්ම වැදගත් දෙය නම්, මට ආරක්ෂිත බවක් දැනීමට අවශ්‍යයි. ඒ නිසා, අපට දැඩි ප්‍රතිපත්ති තියෙනවා.”

● චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment