බි‍්‍රතාන්‍ය ප‍්‍රභේදය ශී‍්‍ර ලංකාවේ වේගයෙන් පැතිරෙයි… වෛද්‍ය චන්දිම ජීවන්දර

330

මෙරට ප‍්‍රදේශ දහයකින් ලබා ගත් ජෛව සාම්පල ජාන විශ්ලේෂණ පරීක්ෂණවලට ලක් කිරීමේ දී බි‍්‍රතාන්‍ය වෛරස් ප‍්‍රභේදය ( බී 117 ඇල්ෆා ප‍්‍රභේදය* මෙරටින් හඳුනාගත් කොරෝනා ප‍්‍රභේදය අභිබවා ශීඝ‍්‍රයෙන් පැතිර යමින් තිබෙන බවට අනාවරණය වූවේ යැයි ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප‍්‍රතිශක්ති විද්‍යාව සහ ෙසෙල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා ඊයේ (10 වැනිදා* සඳහන් කළේය.
 
 කොළඹ, මඩකලපුව, ති‍්‍රකුණාමලය, කුලියාපිටිය, වාරියපොල, මාතර, හබරාදුව, තිස්සමහාරාම, කරාපිටිය සහ රාගම යන ප‍්‍රදේශවලින් මෙසේ බි‍්‍රතාන්‍ය වෛරසය පැතිරීම හඳුනාගෙන ඇත.
 
 එසේම ඉන්දියානු වෛරස් ප‍්‍රභේදය වන බී. 1.617.2 ඩෙල්ටා ප‍්‍රභේදය වැලඳී ඇති තවත් පුද්ගලයකු මෙරටින් හඳුනාගත් බවද කී චන්දිම ජීවන්දර මහතා ඔහු ඉන්දියාවේ සිට පැන වස්කඩුව ප‍්‍රදේශයේ නිරෝධායනය වෙමින් සිටියදී හඳුනා ගැනීමට හැකි වූ බව ද කීය.
 
 දැනට මෙරටේ ශීඝ‍්‍රයෙන් පැතිර යමින් තිබෙන බි‍්‍රතාන්‍ය වෛරස් ප‍්‍රභේදය මුලින්ම චීනයේ වූහාන් ප‍්‍රාන්තයෙන් වාර්තා වූ ප‍්‍රභේදයට වඩා ව්‍යාප්ත වීමේ වේගය සියයට 50කින් වේගවත් මෙන්ම සියයට 55ක ඉහළ මාරාන්තික තත්ත්වයක් පවතින බව ද පෙන්වා දුන් චන්දිම ජීවන්දර මහතා කෙසේ වෙතත් දැනට මෙරට කි‍්‍රයාත්මක එන්නත්කරණ වැඩපිළිවෙළට අනුව යොදා ගනු ලබන එන්නත් වර්ග තුනම එම වෛරසයට එරෙහිව සාර්ථකව ප‍්‍රතිශක්තිය ඇති කරන බවද පැවසීය.
 
 මෙරට භාවිතයට ගන්නා අදාළ එන්නත් වර්ග තුන සම්බන්ධයෙන් මේ වන විට විශේෂ පර්යේෂණයක් සිදු කෙරෙමින් තිබෙන බවත් එ් අනුව එම එන්නත් අතරින් ශී‍්‍ර ලංකාවේ ජනතාවට වඩාත් සුදුසු ඉහළ ප‍්‍රතිශක්තියක් ඇති කරන එන්නත කුමක්දැයි හඳුනා ගැනීමට හැකිවනු ඇති බවත් හෙතෙම කියා සිටියේය.
 
 මෙරට එන්නත්කරණ වැඩපිළිවෙළේ ප‍්‍රධාන ඉලක්කය බවට පත්ව ඇත්තේ වෛරසය ආසාදනය වුවද මරණීය සංකූලතා ඇතිවීම වළක්වා ගැනීම බවත් දැනට භාවිත වන එන්නත් වර්ග තුනෙන්ම එම රැුකවරණය ලැබෙන බැවින් ලැබෙන මුල්ම අවස්ථාවේ එක් එන්නත් මාත‍්‍රාවක් හෝ ලබා ගන්නා ලෙස ද ජනතාවට අවධාරණයෙන් දන්වා සිටින බවත් ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේය.
 
 මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙරට තුළ එක් දිනකදී වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ලෙස මරණ 67ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තහවුරු කළ බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙරේදා (09 වැනිදා* නිවේදනය කළේය.
 
 කාන්තාවන් 24 දෙනකු සහ පිරිමි පුද්ගලයන් 43 දෙනකු මෙසේ මරණයට පත්ව ඇති අතර ඉතා කනගාටුදායක ලෙස දින අටක් වයසැති සිඟිති දැරියක ද මෙහිදී මරණයට පත්ව ඇත.
 
 මෙම මරණ 67 ත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ද 1910 දක්වා ඉහළ ගියේය.
 
 කොරෝනා වෛරසය ආසාදනය වී ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයන් 1811 දෙනකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ දහවල් පැවසීය. එ් අනුව මේ දක්වා කොරෝනා වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලද මෙරට සමස්ත ගණන 182238 ක් දක්වා වැඩි විය.
 
 එසේම අලූත් අවුරුදු පොකුර හෙවත් මෙරට තුන්වැනි කොරෝනා රැුල්ලෙන් තවත් ආසාදිතයන් 2142 දෙනකු අලූතින් හඳුනාගත් බව ජාතික කොරෝනා මර්දන කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය ඊයේ සවස නිවේදනය කළේය.
 
 එම ආසාදිතයන් පිරිසත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ද 215538 දක්වා ඉහළ ගියේය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment