බි‍්‍රතාන්‍ය රජය යුක්රේනයට යුද්ධ ටැංකි නාශක අවි සපයයි

583

රුසියානු යුක්රේන් අර්බුදය උත්සන්න කරමින් බි‍්‍රතාන්‍යය විසින් යුක්රේනයට යුද්ධ ටැංකි නාශක අවි සපයා ඇත.

 2014 දී රුසියාව විසින් යුක්රේනය ආක‍්‍රමණය කළ අතර මෙවරද ඊට සමාන ආක‍්‍රමණයක් සිදුවනු ඇතැයි බටහිර රටවල් සැක කරති. එහෙත් රුසියාව එම චෝදනාව ප‍්‍රතික්‍ෂේප කර තිබේ. මේ අතර බි‍්‍රතාන්‍ය ආරක්‍ෂක ලේකම් බෙන් වොලස් පැවසූවේ යුක්රේනයට යුද්ධ ටැංකි නාශක අවි සපයා පුහුණුවීම් ලබාදීමේ කණ්ඩායමක් යවා ඇති බවයි. යුක්රේනයට එරෙහිව ආක‍්‍රමණකාරී ක‍්‍රියාමාර්ගයක් ගතහොත් දැඩි ප‍්‍රතිවිපාකවලට මුහුණ පෑමට රුසියාවට සිදුවන බව බි‍්‍රතාන්‍යය රජය දක්වා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment