බීගෙන ඇවිත් කරන හිරිහැර ඉවසනු නොහැකිව හිරමනයකින් පහරදී බිරිඳ සැමියා මරා දමලා

299

නිතර නිතර මත්පැන් පානය කර සිය බිරිඳට පහරදී හිරිහැර කරන එක්දරු සැමියෙක් බිරිඳ එල්ල කළ හිරමන පහරින් මියගොස් තිබේ.

යාපනය පොලිසිය පවසනුයේ මොහු යාපනය රෝහලට ඇතුළත් කිරීමට පෙර මියගොස් ඇති බවය. මෙම මිනීමැරුම සිදුවී ඇත්තේ යාපනය අරියාල ප‍්‍රදේශයේ නිවසක් තුළය. ඝාතනයට සම්බන්ධ බව කියන සැකකාරිය පොලිසියට පවසා ඇත්තේ තම සැමියා නිතර මත්පැන් පානය කර නිවසට පැමිණෙන අතර නැති ප‍්‍රශ්න ඇති කරමින් නිතර ආරවුල් ඇති කර ගන්නා බවය. වෘත්තියෙන් කුලී වැඩ කර ජීවත්වෙන මියගිය තැනැත්තා තම දරුවා ගැන පවා සැලකිලිමත් නොවී කටයුතු කර ඇතැයි ද පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී ඇත. මියගිය අයගේ වයස අවුරුදු 32 ක් බවත් පොලිසිය කියයි. නිවස අවට පදිංචිකරුවන්ද පවසා ඇත්තේ මෙම මියගිය තැනැත්තා මත්පැන් පානය කර ආරවුල් ඇතිකර ගන්නා බවය. සැකකාරිය හිරමනය ද සමග පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment