බීට් බොක්ස් වලින් වැඩදාන ජූලියස්

109

ක්ලවුඩියාගේ පේ‍්‍රමය ඉන්ස්ටර්ග‍්‍රෑම් ආදරයක්

සිරස ටීවී ඔස්සේ විකාශය වන The voice වේදිකාවේ දස්කම් පෑ පිරිස අතරින් ජූලියස් මිචෙල් කැපී පෙනන චරිතයක්. ගායනය සමඟම සිය කටහඬ යොදාගනිමින් විවිධ සංගීත භාණ්ඩවල හඬ අනුකරණය කිරීම තුළින් ජූලියස් විනිශ්චය මණ්ඩලයේ අවධානය ඔහු වෙතම රඳවා තබා ගැනීමට තරම් දක්ෂයකු බවට පත්වුණා. බීට් බොක්ස් වාදකයකු ලෙස බොහෝ දෙනෙක්

 හඳුනාගෙන සිටි ජූලියස් The voice තරගාවලියෙන් පසුව දක්ෂ ගායකයෙකු ලෙසත් ජනප‍්‍රියත්වයට පත් වුණා. The voice තරගාවලියෙන් පසුව පුංචි විරාමයක් ගත් ජුලියස් නැවතත් හුරුපුරුදු ලෙස ඔහුගේ සංගීත කටයුතු ආරම්භ කළ බව අපිට දැනගන්නට ලැබුණා. සිය කටහඬින් ගායනයට මෙන්ම වාදනයට නව ආරක් එකතු කළ මේ අපූරු තරුණයාට අපි මෙවර මීවිත පිළිසඳරට ආරාධනා කළා.

 මේ වෙද්දි ජුලියස්ට ලැබෙන ප‍්‍රතිචාර ගැන මොකද හිතෙන්නේ.

 The voice බ්ලයින්ඞ් ඔඩිෂන් එකෙන් පස්සේ ඉඳලම මට හොඳ ප‍්‍රතිචාර ලැබුණා. සමහර වෙලාවට කෝල්, මැසේජ් එනවා රිප්ලයි කරන්නත් අමාරු තරම්. තරගයේ ඉදිරියට යද්දි ලැබෙන ප‍්‍රතිචාර වැඩි වුණා. දැනුත් හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම මගේම නිර්මාණයක් දෙන්න කියලත් මට ආදරය කරන පේ‍්‍රක්ෂකයන් මගෙන් ඉල්ලනවා.

 ජූලියස් අලූතින් ගීතයක් කරන්න ප්ලෑන් කරනවා කියලා අපිට ආරංචි වුණා.

බීට් බොක්ස් වලින් වැඩදාන ජූලියස්


The voice තරගයෙන් පස්සේ පොඩි බ්‍රේක් එකක් අරගෙන දැන් නැවතත් beatbox සම්බන්ධ ඉගැන්වීම් කටයුතු ආරම්භ කළා. මේ වෙද්දි ඔන්ලයින් හරහා ඉගැන්වීම් කටයුතු සිදු කරනවා. ඉගැන්වීම් කටයුතු වලට අමතරව මගේම අලූත් ගීත කිහිපයක් නිර්මාණය කිරීම කෙරෙහිත් අවධානය යොමු කරලා තියෙනවා. ඒ නිර්මාණ වලට වැඩි අවධානයක් දීලා කටයුතු කරනවා.

බීට් බොක්ස් වාදකයෙක් ලෙසත් ගුරුවරයෙක් ලෙසත් බොහෝ දෙනෙක් හඳුනාගෙන සිටි ජූලියස් දැන් ජනප‍්‍රිය ගායකයෙක් වෙලා නේද ?

ඒ අවස්ථාව මට ලැබුණේ The voice  වේදිකාව නිසා. ජූලියස්ව ගායකයෙක් හැටියට නිර්මාණය කරන්න අවස්ථාව ලබා දුන්නාට සිරස නාලිකාවට සහ The voice  වැඩසටහනේ කෝච්ලා ඇතුළු සියලූ දෙනාට ස්තුතිවන්ත වෙනවා. අද බොහෝ දෙනෙක් මාව හඳුන්වන්නේ වොයිස් එකේ ජූලියස් කියලා.

The voice  තරගයෙන් ඉවත් වූ අවස්ථාව ජූලියස්ට දැනුනේ කොහොමද?

තරගයෙන් ඉවත්වීම මම පරාජයක් විදියට දකින්නේ නැහැ. පළමුවැනියා නොවුණත් මට වොයිස් තරගය නිසා ජයග‍්‍රහණ රැුසක් ලැබුණා. මම ගැන බොහෝ පිරිසක් දැන ගත්තා. මගේ බීට් බොක්ස් වාදනය ගැන ඉගැන්වීම් ගැන වගේම ගායනය ගැනත් බොහෝ දෙනෙක් කතා වෙන්න පටන් ගත්තා. බීට් බොක්ස් වාදකයෙක් ලෙස තිබුණ ජනප‍්‍රියත්වය පවා වොයිස් තරඟාවලියෙන් පස්සේ දෙගුණ තෙගුණ වෙලා මට ලැබුණා.

බීට් බොක්ස් වලින් වැඩදාන ජූලියස්

ජූලියස් බීට් බොක්ස් වාදනයට යොමු වුණේ කොහොමද?

මම පාසල් කාලයේ ඉඳලම සංගීතයට වගේම වාදනයටත් යොමු වුණා. මගේ පාසල වන ශාන්ත බෙනඩික් විදුහලේ ක්වයර් එකේ සින්ග් කරන්න මට අවස්ථාව ලැබුණා. කොයර් එකක බොහෝ වෙලාවට සින්ග් කරන්නේ සංගීත භාණ්ඩ නැතුව. කටහඬින් විවිධ සංගීත භාණ්ඩවල හඬ උපදවන්න පුළුවන් වුණ එක ගැන මට කුතුහලයක් ඇති වුණා. මම හැමවෙලේම අලූතින් මොනවද කරන්න පුළුවන් කියලා හිතන කෙනෙක්. ඒ ගැන මගේ යාළුවෙක්ට කීවාම යාළුවා කිව්වා මම හොයන්නේ බීට් බොක්සර් ගැන කියලා. කිසිම දෙයක් දන්නෙ නැති නිසා මම beatbox ගැන වැඩිදුර හොයලා බැලූවා.

ජූලියස්ට සංගීත භාණ්ඩ කිහිපයක ශබ්ද අනුකරණය කරන්න පුළුවන් නේද?

සමහර පිරිස් beatboxing යටතේ ඩ‍්‍රම්ස් වාදනය විතරක් පුහුණු කරනවා. තවත් පිරිසක් සංගීත භාණ්ඩ කිහිපයක් වාදනය කිරීමට උත්සාහ කරනවා. මටත් සංගීත භාණ්ඩ තුනක් හතරක් වගේ ප‍්‍රමාණයක් මගේ කටහඬ යොදාගෙන වාදනය කරන්න හැකියාව තියෙනවා. මම ඒ ගැන තවදුරටත් පුහුණුවීම් කරනවා. විවිධ අත්හදා බැලීම් කරනවා.

ලංකාවෙන් පිටත බීට් බොක්ස් සම්බන්ධයෙන් උගන්වන්න ජූලියස්ට අවස්ථාව ලැබිලා තියනවා නේද?

බීට් බොක්ස් පිළිබඳව උගන්වන්න පටන් අරන් දැන් අවුරුදු එකොළහක් විතර වෙනවා. ලංකාව ඇතුළේ වගේම ලංකාවෙන් පිටත් දැන් මේ පිළිබඳව ඉගැන්වීම් කරනවා. විවිධ රටවල වැඩමුළු සඳහාත් සහභාගි වෙනවා.

ජූලියස්ට සංගීත ජීවිතයෙන් ලැබුණ අමතක නොවන මතකයන් ගැනත් මතක් කරමු.

මට මගේ බිරිඳ ක්ලවුඩියාව මුණ ගැහෙන්නෙත් මේ සංගීත කටයුතු නිසා. ඇය පෝලන්ත ජාතික කාන්තාවක්. ජර්මනියේ වර්ක්ෂොප් එකකට ගිය වෙලේක මම මගේ යාළුවෝ බලන්න ගියා. ක්ලවුඩියාත් ඒ අතර හිටියා. ඇත්තටම ඒක ඉන්ස්ටර්ග‍්‍රෑම් ආදරයක්. ඇයත් ගායනයට වගේම වාදනයට ඇලූම් කරනවා. මගේ බිරිඳට අමතරව ගායනය සහ වාදනය නිසා මට ජනප‍්‍රියත්වය වගේම බොහෝ දේවල් ලැබිලා තියෙනවා.

ජූලියස්ට විදේශීය පෙනුමක් තියනවා කියලා කවුරුත් කියලා නැද්ද?

ගොඩක් අය අහනවා මම ඉපදුණේ පිටරටකද කියලා. මගේ අම්මා තාත්තා දෙන්නම දමිළ ජාතිකයන්. ඒ අය මට දාලා තියෙන නම තමයි ජූලියස් මිචෙල්. මගේ රූපය, නම වගේම, කටහඬ පවා වෙන රටක විදියට තියෙන්නේ කියලා ගොඩක් අය මට කියනවා. ඇත්තටම මම ගෙදර ඇතුළේ කතා කළේ දෙමළ භාෂාව. පාසලේදි වැඩ කළේ ඉංග‍්‍රීසියෙන්. සිංහලෙනුත් කතා කරන්න ඉගෙන ගත්තා. ඉතින් මට භාෂා තුනෙන්ම වැඩ කරන්න සිද්ධ වුණා. මම කතා කරන විදිහ ටිකක් වෙනස් වුණාට මම පිට රටක කෙනෙක් නෙමෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment