බීමත් පියා ගැසූ උදලූ පහරින් දියණියගේ හිස දෙකඩ වෙලා

453

වාඩුවැලිවිටිය, රුක්අත්තනගොඩ පදිංචි පුද්ගලයකු තම 33 හැවිරිදි දියණියගේ හිසට උදැල්ලකින් පහර දී රාත‍්‍රි ඝාතනය කර ඇතැයි නාගොඩ පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ රුක්අත්තනගොඩ, වාඩුවැලිවිටිය දකුණ පදිංචිව සිටි රෙෂාණි කෝන්ගහගේ නමැති කාන්තාවකි.

සැකකාර පියා බීමත්ව පැමිණ දියණියගේ හිසට උදැල්ලකින් පහරදී ඇති බවත් හිස දෙකඩවූ තුවාලකාරිය බද්දේගම රෝහලට ගෙන යන විටත් මියගොස් සිටි බවද පොලිසිය පවසයි.

සැකකාර පියා නිතරම බීමත්ව සිටින පුද්ගලයකු බවත් පවුල් ආරවුලක් මත මෙම ඝාතනය කර ඇති බවත් අනාවරණයවී තිබේ.

අපරාධය වාර්තා වීමත් සමග ගාල්ල කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාරයේ පොලිස් පරීක්ෂක ප‍්‍රශාන්ද සිල්වා මහතා ඇතුළු නිලධාරි කණ්ඩායමක් ගොස් විද්‍යාත්මක සාක්කි එක්රැුස් කිරීමට පියවර ගන්නා ලදී.

සිද්ධියට සම්බන්ධ සැකකාර පියා අත්අඩංගුවට ගෙන ඇති අතර ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාර මයුර පෙරේරා මහතාගේ උපදෙස් පරිදි නාගොඩ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික ඩයස් මහතා ඇතුලූ නිලධාරි කණ්ඩායමක් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

අහංගම – සුගතපාල දියගහගේ, ගාල්ල – ලලිත් චාමින්ද, එස්. කේ. කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment