බීමතින් පොල් ගෙඩියෙන් ගැහුවාම අනියම් බිරිඳ පිහියෙන් ඇනලා

519

නවගමුව උඳුගොඩ පාර ප‍්‍රදේශයේ නිවසක ඇතිවූ බහින් බස් වීමක් අතරතුර අනියම් බිරිඳගේ පිහි පහරට ලක්වූ පුද්ගලයකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

පෙරේදා (7 ද) සවස සිදුවූ මෙම පිහි ඇනුමින් මරණයට පත් වූයේ උඳුගොඩ ප‍්‍රදේශයේ පදිංචි හීනටි හේවගේ සුජිත් නමැති 50 හැවිරිදි අයෙකි.

නවගමුව ප‍්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන මියගිය අය බීමතින් පැමිණ අනියම් බිරිඳට පොල් ගෙඩියකින් පහර දී ගැටුමක් ඇති කරගෙන ඇති අතර ඒ අවස්ථාවේ කාන්තාව විසින් උල් මේස පිහියකින් ඇන ඇති බව පොලිස් පරීක්ෂණවල දී හෙළි වී ඇත.

පිහි ඇනුම කළ කාන්තාව සහ පිහිය නවගමුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

නවගමුව පොලිසියේ ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. ලක්ෂ්මන් ද සිල්වා මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උ.පො.ප. අලහකෝන්, පො. සැ (27855) බන්දුල, පො. කො (93827) බණ්ඩාර යන නිලධාරීහු පරීක්ෂණ මෙහෙයවති.

කඩුවෙල සුගත් පේ‍්‍රමතිලක

advertistmentadvertistment
advertistmentadvertistment