බුකර් සම්මානය සමග ශෙහාන් දිවයිනට සතුට රැගෙන එයි

335

වංචාව, දූෂණය, ජාතිවාදය අපට කිසිවක් ලබාදී නැහැ
ලංකාවට දිනන්න පුළුවන් පැරදී සිටින මගේ රටට මේක ජයග්‍රහණයක්

සම්මානය ලබා ගනිමින් ශෙහාන් කියයි

සම්මානය පිරිනැමූ බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුගේ බිසව කැමිලා පාකර්ගෙන් ශෙහාන්ට සුබ පැතුම් ‘වංචාව, දූෂණය, ජාතිවාදය අපට කිසිවක් ලබාදී නැහැ. එවැනි මත කරපින්නාගෙන වැඩිදුරක් යෑමට බැරි බව ශ්‍රී ලංකාව ළඟදීම වටහා ගනීවි’ යැයි 2022 බුකර් සම්මානය දිනා ගනිමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් ලේඛක ෂෙහාන් කරුණාතිලක මහතා පැවසීය.

බුකර් සම්මානය සමග ශෙහාන් දිවයිනට සතුට රැගෙන එයි

2011 වසරේ තම ප්‍රථම නවකතාව වන චයිනමන් (chainaman) රචනා කරමින් ෂෙහාන් කරුණාතිලක ලේඛන කලාවට අවතීර්ණ විය. 46 හැවිරිදි ෂෙහාන් ගාල්ලේ උපත ලැබූවෙකි.

චයිනමන් ක්‍රිකට් ක්‍රීඩාව විෂය කරගනිමින් ලියැවුණු දෙවැනි හොඳම නවකතාව ලෙස පිළිගැනේ.

බුකර් සම්මානයට පාත්‍රවුණු seven moons of mali Almeida ඔහුගේ දෙවැනි නවකතාව වේ.

බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි තුන්වැනි චාල්ස් රජුගේ බිරිඳ වන කැමිලා පාකර් අතින් ෂෙහාන් බුකර් සම්මානය ලැබීය.

මෙහිදී පවුම් 50,000ක ත්‍යාගයක් ෂෙහාන් කරුණාතිලකට හිමි විය.

බුකර් සම්මානයට පාත්‍රවුණු ෂෙහාන්ගේ seven moons of mali Almeida කෘතියේ ඇතුළත් වන්නේ මරණයෙන් නැවත පිබිදෙන ඡායාරූප ශිල්පියකු පිළිබඳ පුවතයි.

යුද්ධයේ ම්ලේච්ඡත්වය ගැන සිය කෘතියෙන් හෙළි කරන ඔහු ලබාගත් ඡායාරූප කොහේදැයි සිය මිතුරන්ගෙන් විමසයි.

බුකර් සම්මානය දිනා ගත් ෂෙහාන් සම්මාන ප්‍රදානෝත්සවයේදී සිය කෘතිය සම්බන්ධව මෙසේ කියා සිටියේය.

මේ කෘතිය ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ මිනීමරු අඳුරු හදවත වෙත පාඨකයා රැගෙන යන බරපතළ දාර්ශනික ප්‍රේම වෘතාන්තයක්.

මෙම කෘතියෙන් පාඨකයා රැගෙන යන්නේ මුදු මොලොක් බව සහ අලංකාරය වෙතයි. ආදරය සහ පක්‍ෂපාතිත්වය මෙන්ම සෑම මිනිස් ජීවිතයක්ම යුක්ති සහගත කරන පරමාදර්ශයක් මෙයින් සොයා යනවා.

රට පරාජය වෙලා ඉන්න කාලයක මේක දිනුමක්. ළඟදී අපි නැම්බියාවටත් පැරදුණා. ඒකට කමක් නැහැ. අද ලංකාවේ මිනිස්සු හුඟක් දුක් විඳිනවා. කොහොම හරි දැන් අපි මේ ජයග්‍රහණය පිළිගමු. දැන් අපි ටී 20 කුසලානය කොහොම හරි දිනාගමු.
මේ පොත මම ඔයගොල්ලන්ට ලීවේ. මේක දැනුමක්. රට පරාජය වෙලා ඉන්න කාලෙක මේක දිනුමක්. අද ලංකාවේ මිනිස්සු ගොඩක් දුක් විඳිනවා. ඒත් ඒ දුක්වලින් මුදවන්න මට ආයුධ නැහැ. ඒත් මේ ජයග්‍රහණය අපි පිළිගමු. දැන් අපි කොහොමහරි ලෝක T 20 කුසලානය දිනමු.

බුකර් සම්මානයෙන් පිදුම් ලැබූ දෙවැනි ශ්‍රී ලාංකිකයා වන ෂෙහාන් කරුණාතිලකට, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිය සුභාශිංසන පිරිනමා තිබේ.

චතුර පමුණුව, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment