බුත්තල – කතරගම පාරේ වනඅලින්ට කෑම නොදෙන්නැයි වනජීවියෙන් දැනුවත් කිරීම්

86

බුත්තල කතරගම මාර්ගයේ සිටින වන අලින්ට කෑම ද්‍රව්‍ය ලබාදීමට එම මාර්ගයේ යන එන රියදුරන් හුරුවී ඇත. මේ හේතුව මත මෙම මාර්ගය භාවිතා කරන රථ වාහනකරුවන් බොහෝ දෙනකු දැඩි පීඩනයකට ලක්ව පවතී.

බුත්තල – කතරගම මාර්ගයේ සිටින වන අලින් දිනපතා මාර්ගයේ යන එන වාහනවලට ඉඩ නොදී හරස් කිරීමෙන් වාහන අනතුරු මෙන්ම වටිනා මිනිස් ජිවිතද අහිමි වී තිබේ.

ඇමරිකාවේ වනජීවී විද්‍යාඥ සියා භාග්‍යන් (ඉන්දීය ජාතික) සී.ඉ.ඕ. සංවිධානයේ සභාපති රවි පෙරේරා, ඉන්දියාවේ වනජීවී පරීක්ෂක දිලිප් කුමාර් යන මහතුන් හා ගල්ගේ වනජීවී අඩවි ආරක්ෂක ඩබ්ලිව්. ජේ. කේ. හේරත් යන මහතුන්ගේ උපදෙස් සහිතව බුත්තල කතරගම මාර්ගයේ ගමන් ගන්නා රථවාහන රියැදුරන්ව දැනුවත් කළ අතර වන අලින්ගෙන් සිදු වන අනතුරු වළක්වා ගන්නා අයුරු ගැනද දැනුවත් කෙරිණ.

ආහාර ද්‍රව්‍ය කෑමට හුරුවී සිටින වන අලි 06 දෙනකු පමණ බුත්තල කතරගම මාර්ගයේ සිටිමින් යන එන රථවාහන නවතා ආහාර සිඟාකෑම සිදු කරති.

බුත්තල කතරගම මාර්ගය අයත් වන්නේ යාල අංක 02 කලාපයටය. අත්පත්‍රිකා මගින් ජනතාව දැනුවත් කිරීමෙන් පසුත්, ආහාර ද්‍රව්‍ය අලි වෙත ලබාදෙන රියැදුරන් හට නීති මගින් ක්‍රියා කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ.

කතරගම – කේ. ඩී. දේවප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment