බුත්තල භූමිකම්පාවක්

194

රිච්ටර් මාපක ඒකක තුනක භූ කම්පනයක් ඊයේ (10 වැනිදා) දහවල් 12.13 ට බුත්තල පැලවත්ත ප්‍රදේශ ආශ්‍රිතව වාර්තා විය. මෙම භූ කම්පනයෙන් ගොඩනැගිලි කිසිවකට හානියක් සිදුවී නොතිබුණත් අදාළ කම්පනය ප්‍රදේශවාසීන්ට හොඳින් දැනුන බව භූවිiා හා පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් වරලත් භූවිiාඥ අජිත් ප්‍රේම මහතා ‘දිවයින’ට පැවසීය.

මහකනදරාව, හක්මන, බුද්ධංගල සහ පල්ලෙකැලේ භූ කම්පන මාන හතරකම මේ කම්පනය සටහන් වී තිබූ බවද ඒ මහතා කීය. මෙම භූ කම්පනයේ අභිකේන්ද්‍ර බුත්තල, පැලවත්ත සීනි කර්මාන්තශාලා ආශ්‍රිතව වාර්තා වී ඇත.

රිච්ටර් මාපක ඒකක තුනක් ලෙස සටහන් වූ මෙම භූකම්පන වැනි තත්ත්වයන් අම්පාර, දියතලාව, මඩොල්සිම හා දිගන ප්‍රදේශවලින් මීට පෙර වාර්තා වූ බවද ඒ මහතා කීය. එම භූ කම්පන රිච්ටර් මාපක 1, 2, 3 ආදී ලෙස වාර්තා වූ ඒවා බවද අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කළේය. රිච්ටර් මාපක පහක් වැනි භූ කම්පන තත්ත්වයකදී යම්කිසි හානි සිදුවිය හැකි මට්ටමේ භූ කම්පන තත්ත්වයක් බවත් ඊයේ වාර්තා වූ භූ කම්පන තත්ත්වය පිළිබඳ කිසිවකු අනිසි බියක් ඇතිකරගත යුතු නැති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment