බුත්තල – මොනරාගල මාර්ගයේදී බසයක් මතට ගසක් කඩා වැටිලා

24

මගීන් කිහිපදෙනකුට සුළු තුවාල

බුත්තල, මොනරාගල මාර්ගයේ වැලියාය, වාලන්ද ප්‍රදේශයේ දී ඉකුත් (23 දා) පෞද්ගලික මගී ප්‍රවාහන බස්රථයක් මතට ගසක් කඩාවැටීමෙන් බස්රථයට අලාභහානි සිදුවී ඇත.

මෙම අනතුරෙන් බස්රථයේ සිටි මගීන් කිහිපදෙනෙකුට සුළු තුවාල සිදුවී තිබේ. මේ පිළිබඳව ආපදා කළමනාකරණ ඒකකයේ මොනරාගල නියෝජ්‍ය අධ්‍යක්ෂ ඒ. එච්. රවීන්ද්‍ර කුමාර මහතා පැවසුවේ සිද්ධිය සැලවූ වහාම කඩා වැටුණු ගස කපා ඉවත්කර මාර්ගයේ රථවාහන ධාවනය යථා තත්වයට පත්කළ බවය.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment