බුත්තල යුදඟනාවේ දේශීය තුවක්කු කම්මලක් වටලයි

314

මොනරාගල කොට්ඨාස දූෂණ මර්දනය ඒකකයට ලද තොරතුරක් මත බුත්තල යුදඟනාව ජනපදය ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය දේශීය තුවක්කු නිෂ්පාදන කම්මලක් වටලා තුවක්කු නිෂ්පාදනයට යොදාගන්නා උපකරණ වන යකඩ බට පහක්, තුවක්කු ලී මීට තුනක්, මැෂින් කොටස සෑදීමට යොදා ගන්නා යකඩ බට කිහිපයක් සහ තවත් උපකරණ රැසක් පොලිසිය භාරයට ගෙන ඇත.

කම්මල පවත්වාගෙන ගිය 76 හැවිරිදි බුත්තල යුදඟනාව ජනපදයේ පදිංචි පදිංචිකරුවකුද අත්අඩංගුවට ගෙන තිබේ.

මොනරාගල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ පොලිස් සැරයන් 1245 ජයරත්න මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැටලීම සිදුකර ඇති අතර සැකකරු සහ නඩුභාණ්ඩ වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.
බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment