බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලයෙන් ජනපතිට ලිපියක්

292


රට මුහුණදී සිටින අර්බුදයට දීර්ඝ කාලීන විසඳුමක් ලබා දෙන තෙක් අගමැතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය ඉවත් කර ජනතාවට යම් තරමකින් හෝ පිළිගත හැකි පක්ෂ විපක්ෂ දෙපාර්ශවයම ඇතුළත් අමාත්‍ය මණ්ඩලයක් පත් කළ යුතු බවත් එම විසැඳුමින් බැහැරව ජනතාවගේ සාමකාමී උද්ඝෝෂණය කවර ආකාරයෙකින් හෝ මර්දනය කරන්නට රජය කල්පනා කරන්නේ නම් එය ඉතිහාසයෙහි කිසි දිනෙක නිවැරැදි කරගත නොහැකි වරදක් වන බවත් බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් පවසයි.

බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලයේ සම ලේකම් තිරිකුණාමලේ ආනන්ද මහානායක හිමියන් විසින් එම ලිබිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත.සියලු‍ දේශපාලන පක්ෂ ඇති බලය රැක ගැනීමටත් නැති බලය ඩැහැ ගැනීමටත් දරන ප්‍රයත්නය මහා ජනතාවගේ පිළිකුලට භාජනව ඇතැයිද රජයේත් රටේත් මේ අස්ථාවරභාවය ජනතාව තව තව ද පීඩනයට පත් කරනු නොඅනුමාන බවද එම ලිපිය මගින් සඳහන් කර තිබේ.ජනතා අර්බුදය විසැඳෙන සාකච්ඡාවක් හෝ ක්‍රියාමාර්ගයක් හෝ පාර්ලිමේන්තුව තුළ සිදු නොවන හෙයින් එක් අතකින් මන්ත්‍රීවරුන් 225 දෙනාම ජනතා අප්‍රසාදයට ලක්වීම සාධාරණ බවද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment