බුද්ධිගලනය අවම කරන්න ප්‍රතිපත්ති සම්පාදකයන්ට යෝජනා ගෙන ඒමට ආදි ආනන්දීයයන් සූදානම් – මහාචාර්ය අතුල කලුආරච්චි

46

අනඳ පා ගමන ජූලි 07දා

බුද්ධිගලනය අවම කරන්න ප්‍රතිපත්ති සම්පාදකයන්ට යෝජනා ගෙන ඒමට ආදි ආනන්දීයයන් සූදානම් - මහාචාර්ය අතුල කලුආරච්චි

බුද්ධිගලනය අවම කිරීමට සහ තරුණයන් රට හැරයෑම අවම කිරීමට අවශ්‍ය වටපිටාව රට තුළ නිර්මාණය කර දෙන ලෙස ප්‍රතිපත්ති සම්පාදකයන්ට දැනුම් දීමට කණ්ඩායමක් ලෙස ආදි ආනන්දීයයන් පෙරමුණ ගැනීමට සූදානම් බව, කොළඹ ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ විධායක සභාපති මහාචාර්ය අතුල කලුආරච්චි මහතා කීය.

“ආනන්ද පාගමන 2024” ගැන දැනුවත් කිරීමට පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කීය.

“Educate & Empower to Serve Mother Lanka”යන තේමාව පෙරදැරි කරගෙන සංවිධානය කරනු ලබන “අනඳ පාගමන 2024” ජූලි මස 07 වැනි දින දියත් කිරීමට මේ වනවිට සියලු කටයුතු සංවිධානය කොට හමාරය. මෙම පාගමන එදින ප.ව. 2.30ට අනඳ විදුපියසෙන් අරඹා පුංචි බොරැල්ල, බොරැල්ල මංසන්ධිය, පුරහල, ඇලෙක්සැන්ඩ්‍රා වටරවුම ඔස්සේ කොළඹ 07 විහාරමහාදේවි උද්‍යානයෙන් අවසන් කිරීමට නියමිතය.

කුරිරු යුද්ධය මානුෂීය මෙහෙයුමකින් අවසන් කර ලක්මවු සිරස විජයග්‍රහණයේ කිරුළු පළඳන්නට දේශපාලනික හා යුදමය වශයෙන් නායකත්වය ලබාදුන් ආදි ආනන්දීයයන් ප්‍රමාණය අතිමහත්ය.

බුද්ධිගලනය අවම කරන්න ප්‍රතිපත්ති සම්පාදකයන්ට යෝජනා ගෙන ඒමට ආදි ආනන්දීයයන් සූදානම් - මහාචාර්ය අතුල කලුආරච්චි

ශ්‍රී ලංකාවේ මෑතකාලීනව සිදුවූ ආර්ථික, දේශපාලනික හා සාමාජයීය විපර්යාසයන් හේතු කොටගෙන උද්ගතව ඇති තත්ත්වය හමුවේ අධ්‍යාපන සුදුසුකම් සපිරූ උගත්, බුද්ධිමත් වෘත්තිකයන් සහ විශේෂයෙන්ම සක්‍රිය ශ්‍රම බළකායට අයත් වන දැන උගත් තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් රට හැරගොස් විදේශගතවීම තම එකම අරමුණ බවට පත්කරගෙන සිටීම හෙවත් “බුද්ධිගලනය” නිසාවෙන් නුදුරු අනාගතයේදී පෙර නොවූ විරූ දරුණු අර්බුදකාරී තත්ත්වයකට මුහුණ පෑමට මෙරටට සිදුවනු ඇතැයි බොහෝ විද්වතුන් මත පළකර තිබෙන අතර, මෙම ගැටලුවට වහාම විසඳුම් සෙවීම වත්මනේ රට හමුවේ පවතින සුවිශේෂ වූ අභියෝගයකි.

මේ තත්ත්වය මැනවින් අවබෝධ කරගත් කොළඹ ආනන්ද විදුහල, ඉහත කී ගැටලුව සහ එහි සැබෑ ස්වරූපය පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් දියත් කිරීමට අපේක්‍ෂිතය.

“බුද්ධිගලනය වගේම රටේ තරුණ පරපුර රට හැරයෑම දැන් විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. අපේ රටේ බුද්ධිමතුන් සහ තරුණ ප්‍රජාව සිය අනාගත සැලසුම් සකස් කිරීමේදී ප්‍රමුඛතාව ලබාදී තිබෙන්නේ විදෙස් රටකට සංක්‍රමණය වීමටයි. මේ ආකාරයට ඉදිරියටත් සිදු වුණොත් තව වසර කිහිපයකදී අපේ රට සුවිශාල අර්බුදයකට මුහුණ දෙනවා. ඒක අපි කිසිවකුටවත් නවත්වන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ” යැයි ද කීය.

සම්මානිත මහාචාර්ය ජේ. බී. දිසානායක, මහාචාර්ය සම්පත් අමරතුංග, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ඇතුළු පිරිසක් මෙහිදී අදහස් දැක්වූහ.

බුද්ධිගලනය අවම කරන්න ප්‍රතිපත්ති සම්පාදකයන්ට යෝජනා ගෙන ඒමට ආදි ආනන්දීයයන් සූදානම් - මහාචාර්ය අතුල කලුආරච්චි
advertistmentadvertistment
advertistmentadvertistment