බුද්ධි අංශ අන්දමන්ද කරමින් අන්තරේ විරෝධතාව පැවැත්වූවා – දුමින්ද නාගමුව

213

බුද්ධි අංශ අන්දමන්ද කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විරෝධතාව ඉතාම සාර්ථකව පැවැත්වූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ‘දිවයිනට‘ ඊයේ පැවසීය.

අදහස්වල බලය උණ්ඩයේ බලයට වඩා වැඩි බව පොලිසිය ඊයේ තේරුම් ගත්තේ යැයි ද හෙතෙම කීවේය.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ දී ඊයේ පැවැත්වූ විරෝධතාවට එල්ල වූ ජල හා කඳුළු ගෑස් ප්‍රහාර පිළිබඳව විමසූ අවස්ථාවේ දී නාගමුව මහතා මේ බව කීවේය.

කොළඹ ස්ථාන කිහිපයකින් විරෝධතා පැවැත්වූ නිසා ආරක්ෂක අංශ මංමුලා වූ බව ද ඔහු කීවේය. නාගමුව මහතා මෙසේද කීවේය.

අපි එක් අවස්ථාවක විහාරමහා දේවි උද්‍යානයට රැස්වුණා. එතනට පොලිසිය 400ක් විතර දාලා හිටියා. එනිසා මම එතන රැස්වීමක් බවට පරිවර්තනය කරගෙන පොලිසියට ගැළපෙන ලෙස දේශනයක් කළා. එවිට පොලිසියේ පිරිස් කැඳවාගෙන යන්න ගියා. කීපතැනකදී කඳුළු ගෑස් ප්‍රහාර එල්ල වුණාට ඉතාමත් සාර්ථක ලෙස අපි විරෝධතාව පැවැත්තුවා. කොළඹ ස්ථාන කීපයකින්ම විරෝධතා පැවැත්වූ නිසා පොලිසියට කිසිවක් සිතාගත නොහැකිව අන්දමන්ද වෙලා හිටියා.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment