බුද්ධි වාර්තාවක් මන්ත්‍රීවරයෙකුට ගිය හැටි හොයයි

517


පොලිස්පතිවරයා විසින් බුද්ධි තොරතුරකට අදාළව ආරක්‍ෂක ලේකම්වරයාට යොමු කරන ලද ලිපියක පිටපතක් සමඟි ජන බලවේගය පක්‍ෂයේ මන්ත්‍රීවරයකු අතට පත්වූයේ කෙසේදැයි අනාවරණය කර ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යංශය මගින් ඉහළ පෙළේ විමර්ශනයක් අරඹා තිබේ.
විදේශීය ඔත්තු සේවයක් මගින් එල්ල කිරීමට සැළසුම් කර ඇතැයි කියැවෙන බෝම්බ ප්‍රහාරයක් සහ ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය විසින් සැලසුම් කර තිබෙන බව කියන කඩාකප්පල්කාරී ක්‍රියා සම්බන්ධයෙන් පොලිස් බුද්ධි නිලධාරියකු පොලිස්පතිවරයාට යොමු කළ වාර්තාවකට අදාළ කරුණු එම ලිපියේ සඳහන්ව තිබී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment