බුදුන්වහන්සේත් ජේසුස් වහන්සේත් එකම තැනකදී වැඳපුදා ගැනීමට පල්ලියක් පන්සලකට පූජා කළ ඇමරිකානුවෝ

494

බුදු දහම පෙරදිග බිහිවූ විශිෂ්ටතම අධ්‍යාත්මික දර්ශනයකි. මෛති‍්‍රය, මුදිතාව, කරුණාව, උපේක්‍ෂාව පදනම් වූ නිදහස් නිවහල් චින්තනයට අනුබල දෙන්නාවූ බුදුදහම සාමය, සංහිඳියාවට, අධ්‍යාත්මික නිවීමට මඟක් කොට ගනිමින් සමස්ත ලොව වෙත එහි සැබෑ හරය අත්දකින්නට සැලැස්වීම අප සතු වගකීමකි. ඇමරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානයේ, ලංකාරාම විහාරස්ථානය හා Father John Loving Kindness Meditation Society හී විහාරාධිපති පූජ්‍ය තලංගම දේවානන්ද හිමිපාණන්ගේ සංවිධායකත්වයෙන්, මුළු ලොවටම ආගමික සහජීවනය යනු කුමක්දැයි කි‍්‍රයාවෙන් පෙන්වමින් ‘දෙව් මැඳුරෙන් බුදු මැඳුරට පියමං ඔසවන්නට’ සියලූ ජාතීන්ට හා සියලූ ආගමික බැතිමතුන්ට මේ උතුම් සිද්ධස්ථානයට පැමිණ බුදුන් වහන්සේතේ ජේසූන් වහන්සේතේ එකම ස්ථානයක වැඳ පුදා ගැනීමට සලස්වමින් නොවැම්බර් මස 20 වන සෙනසුරාදා දින පෙ.ව. 10.00 ට යෙදුණු සුභ මොහොතින් Father John Loving Kindness Meditation Society ලෙස නම් කරමින් මේ සිද්ධස්ථානය විවෘත කරන ලදී. ආගමික් සංහිඳියාව තුළින් සාමයේ අරුණළු සෑම සිත් සත තළ ජනිත කරමින් සුවහසක් ආගමික බැතිමතුන්ගේ අධ්‍යාත්මික හා මානසික දියුණුව වෙනුවෙන් මේ පූජනීය සිද්ධස්ථානය සියලූ ලෝකවාසී බැතිමතුන් වෙත විවෘත කරන ලදි. මනස්කාන්ත පරිසරයකින් හා නිවහල් පරිසරයකින් යුතු Ohio ප‍්‍රාන්තයේ Brayan නගරයේ පිහිටා ඇති මේ ඉපැරැණි රමණීය දෙව් මැඳුර, ඇමරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානයේ හා ලංකාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය තලංගම දේවානන්ද හිමිපාණන් වෙත පූජා කරනු ලැබුවේ Dr John නැමැති පින්වත් ඇමරිකන් ජාතික මහත්මයකු වීම විශේෂ කරුණකි.

බුදු දහමින් සිත් සතන් පුබුදුවා ගත් ඇමරිකන් ජාතික සැදැහැති පින්වතුන්ගේ මෙන්ම විවිධ ආගමික බැතිමතුන්ගේ සාධුකාර මධ්‍යයේ ඔවුන්ගේ උරහිසින් අලංකාර පෙරහැරකින් සමාධි ප‍්‍රතිමා වහන්සේ වැඩම්වා දෙව් මැඳුර තුළ තැන්පත් කරමින් ආගමික සංහිඳියාව හා සාමයේ අරුණළු ලොවට කැන්දන්නට කටයුතු කරන ලදි.

කෝට්ටේ රජමහ විහාරවාසි නෙළුවේ නාගිත හිමි

advertistmentadvertistment
advertistmentadvertistment