බුදුන් වැඩසිටි සමයේ බලංගොඩ නාහිමි සිටි තැන… බුදුන් වහන්සේ වැඩ සිටි සමයේ තමන් වහන්සේ පිළිබඳව කරන ලද බලංගොඩ නාහිමිගේ නාඩි විමසුම

721

බුදුන් වැඩ සිටි සමයේ මා කවරෙක්ද? යනුවෙන් උන්වහන්සේ මහා භුජන්දර සෘෂිවරයාගේ නාඩිය ඇසුරින් ප‍්‍රශ්නයක් විමසූහ. ඊට පිළිතුරු ලෙස ලැබෙන්නේ අපූරු කතාවක. ඒ අනුව උන්වහන්සේ බුදුන් වහන්සේ හමුවීමට පෙර බොහෝ ආත්මභාවයන් ගත කර තිබේ. උන්වහනසේ එකළ (බුදුන් වැඩසිටි සමයේ) උපත ලබා ඇත්තේ එනම් බුදුන් වහන්සේ ධ්‍යාන වඩමින් භාවනා කරමින් සිටි ස්ථානයේය. භව ගණනාවකට පසුව ඔහු භික්‍ෂුවක් වශයෙන් ජීවත් විය.

මුක්තිභාවය යටතේ එම කාරණා සඳහන් වන්නේ මෙලෙසිනි.

බුදුන් වැඩසිටි සමයේ බලංගොඩ නාහිමි සිටි තැන… බුදුන් වහන්සේ වැඩ සිටි සමයේ තමන් වහන්සේ පිළිබඳව කරන ලද බලංගොඩ නාහිමිගේ නාඩි විමසුම

මුක්ති භාවය

  1. වශිෂ්ඨ හා විශ්වමිත‍්‍ර වන්දනාමාන කොට වෘෂභ ලග්නය හිමි ආනන්ද මෛත්‍රෙය යන අයගේ විස්තරය කියමි.
  2. මේ අය යෝග භාවනාදියට සුදුසු ආත්ම භාවයකයි දැන් උපත ලබා සිටින්නේ.
  3. ඔහු දැන් තාප මාර්ගයට යොමු වී සිටියි. ඔහුගේ අධ්‍යාත්මික තත්ත්වය අනුව ඔහු මෝක්ෂයට ළ`ගා වී සිටී. මෙම විස්තරය කියා වශිෂ්ඨ හා විශ්වමිත‍්‍ර නතර වේ.
  4. සෙනසුරු හයවන සහ හිරු තමන්ට අයත් ස්ථානයේ ද කේතු චන්ද්‍රයාගේ ග‍්‍රහචාරය පවතින.
බුදුන් වැඩසිටි සමයේ බලංගොඩ නාහිමි සිටි තැන… බුදුන් වහන්සේ වැඩ සිටි සමයේ තමන් වහන්සේ පිළිබඳව කරන ලද බලංගොඩ නාහිමිගේ නාඩි විමසුම

මේ අයට නැවත උත්පත්තියක් නැත.

ඔහු අධ්‍යාත්මිකව ඉතා උසස් තලයක සිටින අතර බුදුන් වහන්සේට අසීමිතව ආදරය ගෞරව කරයි. ස්ථීර තපස් ඇති භික්ෂුවකි.

එහෙත් යෝග භාවනා කිරීමේදී බොහෝ බාධා ඇතිවෙයි. එම තත්ත්වය බොහෝ කලක් පවතිනවා. මේ අවස්ථාවේදී කියන්න කැමතියි අවුරුදු 15 වේදී ඔහු තම නිවෙස හැර යනවා.

  1. ඔහුට උතුරු ඉන්දියාවේ හිමාල ප‍්‍රාන්තයේ දී කීර්තිමත් ශාන්තුවරයන් හමුවෙනු ඇත.

ඊට පසු ඔහු භික්‍ෂුවක් බවට පත්වෙනවා. ධම්මානන්ද ඔහුගේ ගුරුවරයායි. වයස 27 වන මොහුට දීක්ෂා තත්ත්වය ලැබෙනවා.

මේ අවස්ථාවේදී මොහුගේ ගුරුවරයා වෙනත් ගුරුවයෙක් වෙත යන ලෙස කියනවා.

  1. එනමුත් මොහු වෙනත් ගුරුවරයෙක් වෙත නොයන අතර ඔහු අනෙක් අයට ගුරුවරයා වෙයි. තරුණ පිරිසගේ ආදරයට ගෞරවයට මේ තැනැත්තා පත්වෙයි.

වසර 35 දී මෙතුමා තරුණ පිරිස තමන්ගේ දරුවන් සේ සලකා කටයුතු කරයි.

  1. මෙතුමා සියලූ දෙනාටම ළමා හා තරුණ පිරිස උසස් පාසල්වලට යවා අධ්‍යාපනය ලබා දෙයි. 45 වෙනි වියේදී මොහු විශාල ශිෂ්‍ය සංඛාවක් බෞද්ධ ධර්මයට ලැදි පිරිසක් බවට පත් කරනවා. මෙතුමා යහපත් අය සමග සම්බන්ධතා පවත්වනවා.
  2. මෙතුමා බුද්ධාගමට සේවය කරනු ලබයි. ආනන්ද විද්‍යාලයෙහි සේවය කොට විදේශ රටවල සංචාරය කරයි. ඔහුට උතුරු ඉන්දියාවේ හිමාල ප‍්‍රාන්තයේ දී කීර්තිමත් ශාන්තුවරයන් හමුවෙනු ඇත. අවුරුදු 65 දී ඔබට දෙවියන් දර්ශනය වෙයි.
  3. වයස 55 දී ජයග‍්‍රහණය ලබයි. මෙතුමා යෝග භාවනා වඩන නමුත් අලූතෙන් තනන ලද අලූත් ශිෂ්‍යයකු නිසා අනෙක් අය අතර අරගල ඇතිවෙයි. 56 වෙනි විය පසුවීමට පෙර ඔබ සිටිනා ස්ථානයේ අයිතිය හිමිවෙයි.
  4. එනමුදු එය තාවකාලිව පත්වෙයි. මේ අතර ශරීරයට යම් වේදනාවන් ඇති වෙයි. දුර්වලතා ඇතිවෙයි.

මෙම තත්ත්වය ඉවත් කර ගැනීම සඳහා කාණ්ඩම් කියවා ගන්න. එවිට සියලූ දුර්වලතා දුරුවෙයි. සතුට ප‍්‍රීතිය උදාවෙයි. ළ`ගාවෙයි.

  1. බුදුන් වහන්සේගේ දර්ශනයද ලැබෙනවා ඇත. 60 වන වියට පෙර ඔබේම අධ්‍යාපන ආයතනයකට යනු ඇත. ඔබේ දැනුම බොහෝ සේ පැතිරෙනු ඇත. එම කටයුතු සාර්ථක වේ.

මඨාලය නිති ඉහඵ තලයට පත්වෙනවා ඇත.

යෝග ව්‍යායාමයන්හි උසස්ම තලයට මොහු පත්වෙනවා ඇත.

  1. අවුරුදු 65 දී ඔබට දෙවියන් දර්ශනය වෙයි. බුදුන් වහන්සේගේ දර්ශනයද ලැබනෙවා ඇත. ඔබගේ නිහ`ඩ භාවනාව නිසා ඔබට විවිධ ආලෝකයන් පෙනෙනු ඇත.
  2. නැවත උත්පත්තියක් නැත.

වයස අවුරුදු 69 දී (1896, 69, 1965) මොහු ලෝකය හැර මුක්තිය ලැබෙනු ඇත. එනිසා මෙම ලෝකය හැර යෑමට ඉඩ ඇති අතර නැවත උත්පත්තික් නැත.

වෘෂභ පළමු පාදයේදී සෙනසුරාදා ඔහු දෙවියෙක් බවට පත්වන්නේය යනුවෙන් විශ්වමිත‍්‍ර කියයි.

  1. ඉන්පසු පාර්වතී මෙසේ කියයි. ඔබ මොනවද කියන්නේ සහ අනුමත කරන්නේ 22.

බදුල්ලේ
මෛත‍්‍රී රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment