බුදුන් වැඩි දිනය අදයි

258


අද දුරුතු පෝ දිනයයි. දුරුතු පෝය යනු වසරේ ආරම්භක පෝය යි. එහි ඓතිහාසික වැදගත්කම් කිහිපයකි.බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවන්නේ අද වැනි දිනක ය
බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමන මහියංගණය හා බැඳී පවතී. උන්වහන්සේ සම්බෝධියට පත්ව මාස නවයක් ගිය තැන ලක්දිව මහියංගණ (බින්තැන්න) පිහිටි මහානාග වන උයනට වැඩම කළහ. එ දවස දුරුතු පොහෝ දිනයකි.

අනාගතයේ තමන් වහන්සේගේ ශාසනය බැබළෙන රට ලංකාදීපය යැයි බුදුහු දත් සේක. ඒ අනුව බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩමවීම පිණිස හේතු, සිද්ධි, කාල, ප්‍රයෝජන දිවැසින් බැලූ සේක. එසේ බලන බුදුරජාණන් වහන්සේට යකුන්ගේ සමාගමය පෙනේ. එ දවස සිටි යකුන්ගේ සිරිතක් වූයේ සෑම පොහෝ දිනක ම රැස්වීමක් පැවැත්වීමයි. එම රැස්වීමට සෑම යක්ෂ ප්‍රධානියෙකු ම සහභාගි විය යුතු ය. මෙම රැස්වීම පවත්වන අවස්ථාවට වැඩම කොට, යකුන් දමනය කොට ලංකාව පවිත්‍ර කරන්නේ, යැයි සිතූ බුදුපියාණන් වහන්සේ එහි වැඩම කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment