බුදුරදුන් කිඹුල්වත් නුවරට වැඩම කළ මැදින් පෝය අදයි

267

අසිරිමත් මැදින් පුර පසළොස්වක පොහෝ දිනය අදට (06 දාට) යෙදී තිබේ. බුදුරජාණන් වහන්සේ විසිදහසක් ආර්ය මහා සංඝයා වහන්සේ පිරවරාගෙන සුද්දෝධන රජතුමාගේ හා ඥාතීන්ගේ හිතසුව පිණිස කිඹුල්වත් පුරයට වැඩම කිරීම, රාහුල කුමරු පැවිදිවීම, නන්දකුමරු පැවිදිවීම, ශාක්‍ය වංශිකයන්ගේ මානය බිඳ දැමීමට යමාමහ පෙළහර පෑම ආදි හේතු රාශියක් නිසා මැදින්පුර පොහොය බෞද්ධ ජනතාවට වැදගත් වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment