බුදු මග දිවි මග කොට නව වසර ජය ගනිමු

319

නව වසරක් එළැඹුණි. නව වසර පිළිබ`ද රටේ පුරවැසියන්ගේ මනස තුළ ඇත්තේ සුභවාදී බවක් නොවේ. මහා බියක් මුසු ව්‍යාකූල තත්වයකි. පුරෝකථන සමූහයක් පවතී. ආහාර හිගයක් ඇතිවී සාගතයක් ඇති වේයැයි බියක් පවතී. කොවිඞ් වසංගතය වැඩිවේ යැයි බියකි. වෙනත් මෙවන් රෝගී තත්වයන් තුළින් මිනිසුන් මැරේයයි බියකි. බඩු මිල ඉහළ ගොස් ජීවත් වීම දුෂ්කරතාවට පත් වීමේ බිය පවතී. මේ සියල්ල හමුවේ බියවීම මනුෂ්‍යත්වයයි. නමුත් එසේ බිය විය යුතු නැත. ඒ භය තුළින් මේ සියල්ල නැතිවන්නට දෙවියන්ට කන්නලව් කිරීම හෝ අපල දුරුවන්නට පොල් ගැසීම බුද්ධිමත් ක‍්‍රියාවක් නොවෙයි. මේ තත්වය උදාකළ අයට හෝ උදාකළ හේතුවට දෙස් දෙවොල් තැබීම ද අනුවණය. කළ වැඩත් නතර කොට උද්ඝෝෂණ, පෙළපාලි යාම ද අර්ථයක් ඇති ක‍්‍රියාවක් නොවෙයි. එයින් සමහර විටෙක අප තවත් ප‍්‍රපාතයට වැටෙයි. වෛරය, ක්‍රෝධය වැනි සිතුවිලි තුළින් අප අපම විනාශ වෙයි. අනේ අපොයි ක‍්‍රියා වැඩ නොකර හිස අත්බැ`ද සිටීම ද වැදගත් දෙයක් නොවෙයි. ගැටලූව ඇත්තේ තමා තුළ නම්, තමා ජීවත් වන පරිසරය තුළ නම් විස`දුම ඇත්තේත් එතැනයි. වෙන අයෙකු තුළ ඊට විස`දුම් නැත. වෙන අයට විස`දුම් ලබා දීම ද කළ නොහැක. විස`දුම අප තුළ වෙයි. අප වෙසෙන සමාජය තුළ වෙයි.

 බුදු දහමට අනුව ගත් විට දියුණුව තමා තුළ වූ දෙයකි. තමා උදාකර ගත යුතු දෙයකි. නිවන තමා තුළ වූ දෙයකි. තමා විසින්ම සොයාගත යුතු දෙයකි. වසංගත රෝග, බඩු මිල ඉහළ යාම, විවිධ ආපදා සාම්ප‍්‍රදායික ගැටලූ වේ. ඒවා සම්මුති ගැටලූයි. පරමාර්ථමය වශයෙන් ගත් කල සත්ත්වයා මුහුණ පාන එකම ගැටලූව හා ලොකුම ගැටලූව බියකරු සසර ගමනයි. පරමාර්ථ ගැටලූ නිරාකරණය උපදෙස් ලබා දෙන දර්ශනයක් තුළ ලෞකික ගැටලූ විසදා ගැනීමට අනිවාර්ය මගක් වෙයි. අප වෙත නිවන ලබා දීමට දෙවියකුට, බ‍්‍රහ්මයකුට, බුදුවරයකුට, වෙනත් කිසිවකුට නොහැකි ය. බුදුවරුන්ට නිවනට යන මඟ කියා දීමට හැකි ය. අපට නිවන් අවබෝධය ලබා දිය නොහැක. මනුෂ්‍ය ශ්‍රේෂ්ඨත්වය, පුද්ගල උදාරත්වය හෙළි කරන ලොව වූ එකම සත්‍ය දර්ශනය බුදු දහමයි. ඒ සත්‍ය දර්ශනය ජීවන දර්ශනය කරගත් අප අනර්ථ වූ ක‍්‍රියා මාර්ගවල නොගොස් අර්ථවත් ක‍්‍රියාමාර්ග අනුගමනය කළ යුතුයි.

 විශ්වාසය, මිත්‍යාව තුළ නොසිට නව නෙතකින් ලොව දැකිය යුතු වෙයි. එවිට ඔහුට කළ නොහැකි දේද කළ හැකි වෙයි. මේ නිරුදක කතර අප වෙසෙන සමාජයයි. කාන්තාරයෙහි දුෂ්කරබව අප මුලින් දැක්වු විවිධ ගැටලූය. ඒ ගැටලූ හමුවේ මිනිසාගේ ක‍්‍රියා කාරිත්වය විය යුත්තේ හැඞීම, දෙඞීම, වැළපීම, චෝදනා කිරීම, උද්ඝෝෂණ කිරීම, දෙවියන්ට කන්නලව් කිරීම, පොල් ගැසීම නොවෙයි. ඒ කිසිම ක‍්‍රියාවකින් නිවැරදි විස`දුම නොලැබෙයි.

 සාම්ප‍්‍රදායිකව සිතනවාට වඩා අලූත් යෝජනා එකතු කර ගත යුතුයි. අප‍්‍රමාදය,වීර්ය, නොපසුබට වීර්ය, අල්පේච්ඡුතාව, අලෝභය, ප‍්‍රඥාව, සම්‍යක් ප‍්‍රඥාව, තීර්ණ ප‍්‍රඥාව, කළ්‍යාණ මිත‍්‍ර සේවනය, ලද දෙයින් සතුටු වීම වැනි වටිනා ආකල්ප ජීවිතයට ළංකර ගත යුතුයි. ප‍්‍රමාදය, කුසීතකම, ඇරඹු කටයුතු අතර මග නතර කිරීම, මහේච්ඡුතාව, ලෝභය, නුවණ නැතිකම, යහපත් ප‍්‍රඥාවෙන් තොරවීම, මෝඩ තීර්ණ ගැනීම, පාපමිත‍්‍ර සේවනය, අසන්තුට්ඨි බව ජීවිතයෙන් දුරු කළ යුතුයි. මේ ළංකර ගත යුතු දේ අප තුළ වෙයි නම් අපගේ ලෞකික, පාර ලෞකික, ලොකෝත්ර දියුණුව ගොඩ නැගෙයි. ඔහු කළ අකුසල් දුරු කරයි. නොකළ අකුසල් ඇති වීමට ඉඩ නොදෙයි. කළ කුසල් වැඩි දියුණු කර ගනියි. නොකළ කුසල් කරයි. එසේ නොවී දුරු කළ යුතු දේ නම් අප තුළ පවතින්නේ අප මෙලොව පිරිහෙයි. පරලොව පිරිහෙයි. අපගේ නිවන දුරින් දුරු වෙයි. සංසාර දුක දියුණු කර ගනියි. දුරු කළ යුතු මේ ආකල්ප අප තුළ වූ විට කළ කුසල් පිරිහෙයි. නොකළ කුසල් ඇති නොවෙයි. කළ අකුසල් දියුණු වෙයි. නොකළ අකුසල් ඇති වෙයි. අපේ බුදු රජාණන් වහන්සේ අංගුත්තරනිකායේ පඤ්චක නිපාතයෙහි දී මේ බව මනාව පැහැදිලි කළහ.

 මේ නව වසර අභියෝග ජය ගැනීමේ වසරක් කොට ගෙන මෙම බුදු මග දිවි මග කොට ගෙන අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කරමු.

 * විල්ඔය පඤ්ඤාතිලක ස්ථවිර
 සංස්කරණය – නිශාන්ත අමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment