බුධගේ නැකතින් උපන් අය මෙහෙමයි

2144

පංචාංගයට අයත් දෙවන අංගය වන නැකත ජන්මීන්ට විවිධ අවස්ථාවල ප‍්‍රයෝජනවත් වේ. සුබ වැඩක් ආරම්භයේදී නැකැතක් සාදා ගනු ලබන අතර සෑම ජන්මියෙකුටම උපන් නැකතක් ද ඇත. මෙයින් උපන් නැකත හෙවත් ජන්ම නැකත පුද්ගලයෙකුගේ ගතිගුණ. ඇවතුම්, පැවතුම් මොනවට හුවා දක්වයි. සුබ වැඩකට සාදන නැකත ද, සාදනු ලබන්නේ ජන්ම නැකතට සුබ වන ආකාරයටය. තවත් ග‍්‍රහයින් සඳහාද නැකැත් ඇති අතර එම එක් ග‍්‍රහයෙකුට නැකැත් තුන බැගින් බෙදී යනු ඇත. ඒ අනුව මුළු නැකැත් සංඛ්‍යාව 27ක් වේ. අංශක 3600 වූ ගෝලයේ නැකතක ප‍්‍රමාණය 130 201කි. ඒ අංශක 3600ක ප‍්‍රමාණය මුළු නැකැත් සංඛ්‍යාව වන 27න් බෙදීමෙනි. (3600 ÷ 27 = 130 201) මෙම සෑම නැකතකටම පාද 4ක් ද ඇත. එය පළමු පාදය, දෙවන පාදය, තුන්වන පාදය හා හතර වන පාදය ලෙස බෙදී යයි. මෙම එක් පාදයක් 30 201 වේ. එසේ වනුයේ 130 201 වන නැකතේ ප‍්‍රමාණය 4න් බෙදීමෙනි. (130 201 ÷ 4 = 30 201)

 ග‍්‍රහලොව හුරතලා ලෙස විරුදාවලිය ලත් බුධ ග‍්‍රහයාට ද නැකැත් 3ක් හිමි වේ. ඒ අස්ලිස නැකත, දෙට නැකත හා රේවතී නැකතයි. මේ අතරින් අස්ලිස නැකත, නැකැත් පංතියේ නමවන නැකතයි. මෙම නැකත කටක රාශියේ 160 401 සිට 300 001 දක්වා ව්‍යාප්තව ඇත. මෙම නැකතේ සිටින සියලූම ග‍්‍රහයින් නැකැත් අධිපති වන බුධ ග‍්‍රහයාගේ හා රාශි අධිපති වන සඳු ග‍්‍රහයාගේ පාලනයට යටත් වේ. මෙම නැකතට අයත් ශරීර අවයව ගත් කල පෙණහලූ, බඩ, අක්මාව, අග්න්‍යාසය හා පිත්තාශය සඳහන් කළ හැක.

 මෙම නැකතේදී ගන්ඩාන්ත සංදියක් යෙදීම සිදු වේ. එනම් රාශියත් නැකතත් එක වර අවසන් වී, නැවත රාශියකුත්, නැකතකුත් එකවර ආරම්භ වීමයි. මෙහිදී අස්ලිස නැකැත් අවසන් වීමත් සමග කටක රාශිය ද අවසන් වේ. එමෙන්ම සිංහ රාශියේ ආරම්භයත් සමගම මා නැකත ද ආරම්භ වේ.

 අස්ලිස නැකත අධිපති බුධ ග‍්‍රහයා බැවින් අදාළ දශා කාලය ද බුධට හිමි දශා කාලය වන අවු: 17කි. අස්ලිස නැකත සාත්වික ගුණයෙන් යුත් නැකතකි. සෑම නැකතක්ම ස්ථිර, ක්‍ෂිප‍්‍ර, සාධාරණ, මෘදු, චර, තීක්‍ෂණ හා උග‍්‍ර ලෙස කොටස් 7කට බෙදෙන අතර අස්ලිස නැකත තීක්‍ෂණ කොටසට වැටෙනු ඇත. අස්ලිස නැකතට අහසේ තරු 5ක් අයත් වන අතර එම තරු පහෙන් වඩාත් දීප්තිමත් හා විශාල තරුව අස්ලිස නැකතයි.

 අස්ලිස නැකතින් උපන් ජන්මීන් චතුර කථිකත්වයකට හිමිකම් කියන අතර තර්ක විතර්ක කිරීම සඳහා ද මනා හැකියාවක් ඇත. කලාවට ද දක්ෂ මොවුන් ලේඛනයට ද දක්ෂය. අකෘතඥ බව, කපටිකම හා වංක බව නිතර විදහා දක්වයි. බොරු කීම, ක‍්‍රෑර හැසිරීම්, අනුන්ගේ සිත් රිදවීම් ආදිය සිදු කරයි. නිකරුණේ මුදල් වියදම් කරන මොවුන් කාමුඛ චරිත වේ. ඒ වෙනුවෙන් ද නිතර මුදල් වියදම් කිරීම, කාලය නාස්ති කිරීම දැක ගත හැක.

 මෙහිදී මතක තබාගත යුතුම කරුණ වන්නේ ජන්ම පත‍්‍රයේ බුධ ග‍්‍රහයාගේ හා සඳු ග‍්‍රහයාගේ බල දුබලතාව මත ඉහත පලාපල සංශෝධනය වන බවයි.

 අස්ලිස නැකතට හිමි පාද 4 පිළිබඳ සැලකීමේදී එහි පළමු පාදයෙන් යම් ජන්මියකු ඉපදුනි නම් එම ජන්මියා තුළින් ඉහත පොදු ලක්ෂණ මෙන්ම, ප‍්‍රබල ධනවත් භාවය හා තීක්ෂණ ඥාන ශක්තියෙන් යුක්ත වීම කැපී පෙනේ. මොවුන් අන් අස්ලිස නැකැත් හිමියන්ට වඩා කරුණාබර හදකින්ද යුක්තය.

 අස්ලිස නැකතේ දෙවැනි පාදයෙන් ඉපදුණු ජන්මීන් තුළින් නිර්භීතකම හා ත්‍යාගශීලී බව කැපී පෙනෙනු ඇත.

 අස්ලිස නැකතේ තුන්වන පාදයෙන් ඉපදුණු ජන්මීන් තුළින් පිනට දහමට ලැදි ගතිය අනෙක් ලක්ෂණ පරයමින් දිස් වේ. මොවුන් බොහෝ විට පි‍්‍රය මනාප රුවකට හිමිකම් කියයි.

 අස්ලිස නැකතේ හතරවන පාදයෙන් ඉපදුණු ජන්මීන් තුළින් ඉගෙනීමේ දක්ෂතාව කැපී පෙනෙන අතර විවිධ කී‍්‍රඩාවලට ද දක්ෂ වේ.

 සෑම නැකතකටම අධිපති දේවතාවෙක් සිටින අතර සර්ප දේවතාවන් අස්ලිස නැකතට අධිපතීත්වය දරයි. මෙම දේවතාවන්ට පුද පූජා කරන අස්ලිස නැකැත් හිමියන්ට බොහෝ සුබඵල හිමිවනු ඇත.

 බුධ ග‍්‍රහයාට හිමි දෙවන නැකත වනුයේ දෙට නැකතයි. එය නැකැත් පංතියේ දහඅට වන නැකතයි. මෙම නැකත තො`ඩලයක් බඳු ස්වරූපයක් ගනී. දෙට නැකත බුධට අධිපති නැකතක් බැවින් දශා කාලය අවුරුදු 17කි. දෙට නැකත වෘශ්චික රාශියේ 160 401 සිට 300 001 දක්වා ව්‍යාප්තව පවතී. මෙම නැකත තුළ සිටින සියලූම ග‍්‍රහයින් නැකැත් අධිපති වන බුධ ග‍්‍රහයාගේ හා රාශි අධිපති වන කුජ ග‍්‍රහයාගේ පාලනයට යටත් වේ. මෙහි ශරීර අවයව ලෙස පිරිමින්ගේ වෘෂණ කෝෂ ස්තී‍්‍රන්ගේ රහස`ග හා ගර්භාෂය ගත හැක. මෙම නැකතේ ද ගන්ඩාන්තයක් යෙදේ. දෙට නැකත අවසන් වීමත්, වෘශ්චික රාශිය අවසන් වීමත් මෙහිදී එකට සිදුවන අතර ධනු රාශියේ ආරම්භයත් මුල නැකතේ ආරම්භයත් එකට සිදු වේ.

 දෙට නැකත ද සාත්වික ගුණයෙන් යුතු නැකතකි. නැකැත් බෙදෙන කොටස් 7 අතරින් දෙට නැකත තීක්‍ෂණ කොටසට වැටෙනු ඇත. දෙට නැකතට අහසේ තරු 3ක් අයිති වන අතර එහි වඩාත් දීප්තිමත් මෙන්ම විශාල තරුව දෙට නැකතයි.

 දෙට නැකතේ උපන් ජන්මීන් කථිකත්වයට අති දක්ෂ වන අතර උදාර පුද්ගලයෙක් වේ. මොවුන් විනෝදකාමීය. මිතුරන් වැඩි අය වේ. යන සෑම තැනකම මුල්තැන හිමිකර ගන්නා මොවුන් තුළ ධර්මය පිළිබඳ දැනුම ද ඇත. බුද්ධිමත්ය. මනසින් විමසා බලා ජීවිතයේ ඇති වන ප‍්‍රශ්න විසඳා ගනී. පෞරුෂයෙන් පිරිපුන් අයෙක් වේ. අධි උත්සාහවන්තයින් වන මොවුන්ගේ දියුණුවට ද උත්සාහය හේතු වේ.

 දෙට නැකතේ ද පාද හතරක් ඇති අතර එහි පළමු පාදයේ උපන් ජන්මීන් තුළ ඉහත ලක්ෂණවලට අමතරව ප‍්‍රශ්න හමුවේ. නොබියව මුහුණ දීම හා දැඩි සිතක් තිබීම කැපී පෙනෙනු ඇත.

 දෙට නැකතේ දෙවන පාදයෙන් උපන් ජන්මියා බොහෝ බුද්ධිමත්, එමෙන්ම නොයෙකුත් විෂයන් ඉගෙනීමේ අති දක්ෂය. විනෝදකාමී මොවුන් නිතර විනෝද ගමන්වල යෙදේ.

 දෙට නැකතේ තුන්වන පාදයෙන් උපන් ජන්මීන් ඥාන ශක්තිය අතින් ප‍්‍රබලයෝ වෙති. සමාජයේ උසස් පුද්ගලයන් සමග ද ඇසුරට යොමු වේ.

 දෙට නැකතේ හතර වන පාදයෙන් උපත ලැබූවන් කුඩා කල දිළිඳු වුව ද තරුණ වයසට පත් වෙත්ම ධනවත් භාවයට පත්වනු ඇත.

 මෙම නැකතට අයත් පලාපලවල අඩු වැඩි වීම අදාළ ජන්මියාගේ ජන්ම පත‍්‍රයේ බුධ ග‍්‍රහයාගේ හා කුජ ග‍්‍රහයාගේ බල දුබලතාව මත තීරණය වන බව ද මතක තබා ගත යුතුය.

 මෙම දෙට නැකතට ද අධිපති දේවතාවෙක් සිටී. ඒ ඉන්ද්‍ර නම් දේවතාවාය. මෙම දේවතාවන්ට පුද පූජා පවත්වන දෙට නැකැත් හිමියන්ට බොහෝ සුබපල උදා වන බව පුර්වාචාරීන්ගේ මතයයි.

 බුධ ග‍්‍රහයාට හිමි අන්තිම නැකත වන්නේ රේවතී නැකතයි. මෙය නැකැත් පංතියේ ද අවසාන නැකතයි. එනම් 27 වන නැකතයි. මෙය මිහිඟු බෙරයක ස්වරූපය ගන්නා අතර ශරීර අවයව ලෙස යටිපතුල් හා පාදවල ඇඟිලි ගත හැක. මෙම නැකතට බුධ ග‍්‍රහයා අධිපතීත්වය දරන අතර අදාළ දශා කාලය වසර 17කි. මෙම නැකත මීන රාශියේ 160 401 සිට 300 001 දක්වා ව්‍යාප්තව පවතී. එනම් පත‍්‍රය තුළ මෙම නැකතේ සිටින සියලූම ග‍්‍රහයින් නැකැත් අධිපති වන බුධ ග‍්‍රහයාගේ හා රාශි අධිපති වන ගුරු ග‍්‍රහයාගේ පාලනයට යටත් වේ.

 මෙහිදී ද ගන්ඩාන්තයක් උදා වේ. එනම් රේවතී නැකතත් මීන රාශියත් එක වර ගෙවී ගොස්, මේෂ රාශියත් අස්විද නැකතත් උදා වේ. මෙය අලූත් අවුරුදු උදා වන ගන්ඩාන්තයයි.

 රේවතී නැකත ද බුධ ග‍්‍රහයාට හිමි අනිත් නැකැත් සේම සාත්වික ගුණයෙන් යුත් නැකතකි. නැකැත් බෙදෙන ප‍්‍රධාන කොටස් 7න් මෙම නැකැත මෘදු කොටසට වැටෙන අතර අහසේ ඇති තරු අතර තරු තුනක් රේවතී නැකතට හිමි වේ. එම තරු තුනෙන් වඩාත් දීප්තිමත් මෙන්ම විශාලම තරුව රේවතී නැකතයි.

 රේවතී නැකතින් උපන් ජන්මියා යහපත් ගතිගුණ මෙන්ම ඇවතුම් පැවතුම්වලින් ද යුක්තය. ඉඳුරන් දමනය කළ අයෙක් වන අතර බුද්ධිමත් මෙන්ම වැඩෙහි දක්ෂය. සාධාරණ ක‍්‍රම උපයෝගී කර ගනිමින් හරිහම්බ කරන අයෙකි. බාධක හමුවේ පසු නොබසින මොවුන් නුවණින් විමසා බලා ඒ සෑම බාධාවක්ම විසඳා ගනී. මොවුන් නිතර ද්විත්ව චරිත රඟපායි. ඉගෙනීමට ද දක්ෂය. ලේඛන කලාවට මෙන්ම අනෙකුත් කලා කටයුතුවලට ද අති දක්ෂය. අවංක ගති ඇත. ආශ‍්‍රයට ලැබෙන සෑම දෙනා කෙරෙහිම සැකයෙන් බැලීම මොවුන්ගේ සිරිතයි.

 රේවතී නැකැත් හිමියන්ට අදාළ පොදු පලාපල ජන්මියාගේ ජන්ම පත‍්‍රයේ බුධ ග‍්‍රහයාගේ හා ගුරු ග‍්‍රහයාගේ බල දුබලතාවය මත අඩු වැඩි වන බව ද තරයේ මතක තබා ගත යුතුමය.

 රේවතී නැකතේ පළමු පාදයෙන් උපන් ජන්මියා තුළ ඉහත සඳහන් පලාපල අඩු වැඩි වශයෙන් ඇති අතර කරුණාවන්ත භාවය කැපී පෙනෙනු ඇත. තවද මෙම රේවතී නැකතේ පළමු පාදයෙන් උපන් ජන්මියාගේ සිරුර බොහෝ විට පැහැපත් මෙන්ම ප‍්‍රසන්න වේ.

 රේවතී නැකතේ දෙවැනි පාදයෙන් උපන් ජන්මීන් තුළින් ක්‍ෂණික තීරණ ගැනීම බහුලව දැකිය හැක. මොවුන් බොහෝ විට කෙසඟ ශරීරයකට හිමිකම් කියනු ඇත.

 රේවතී නැකතේ තුන්වන පාදයෙන් උපදින ජන්මීන් ආගම දහමට ලැදි අය වේ. එමෙන්ම ඉගෙනීමට ද දක්ෂය. බුද්ධිමත් චරිත වේ.

 රේවතී නැකතේ හතරවන පාදයෙන් උපදින ජන්මීන් ඉදිරියට යන, සටන්කාමී අය වේ. බය යන වචනය මොවුන් නොහඳුනයි. ඉතා නිර්භීත චරිත වේ.

 රේවතී නැකතට ද අධිපති දෙවි කෙනෙක් සිටින බව පුරාණ ජ්‍යොතිෂ පොතපතේ සඳහන් වේ. ඒ ප‍්‍රෂාන් නම් දේවතාවාය. මෙම දේවතාවාට ඇප උපස්ථාන කිරීම තුළින් රේවතී නැකැත් හිමියන්ට බොහෝ සුබපල ළඟා කර ගත හැක.

බුධගේ නැකතින් උපන් අය මෙහෙමයි

ජ්‍යොතිෂවේදීනි, දේශබන්දු,
 ආචාර්ය මංජුලා පුෂ්පරාංගනී,
 පල්ලේබැද්ද, පානදුර.
 දු.අංකය – 0774 126 023

advertistmentadvertistment
advertistmentadvertistment