බුධ කන්‍යාවට රතු පැහැය විපක්‍ෂයට

827

ග්‍රහ ලොව හුරුබුහුටි බුද්ධිමතා එසේ තැනිනම් කුමාරයා ලෙස හඳුන්වන බුධ 2022 අගෝස්තු මස 21 වන ඉරිදා කන්‍යා රාශිගත වීමට නියමිතයි. කන්‍යා රාශිය යනු බුදටම අයිති විටෙක බුධ උච්ච වන තව විටෙක ස්වක්ෂේත්‍ර වන තව විටෙක මුල ත්‍රිකෝණ වන රාශියකි. එනම් බුධයේ උපරිම බලය විදහා දැක්වෙන රාශියයි.

මෙය ලංකාවට වැදගත් වන්නේ එය ලංකාවේ කුම්භ ලග්න කේන්ද්‍ර සටහනට අනුව අටවැන්න වන නිසයි. අටවැන්න මාරක, බාධක, විනාශ කර වෙනස් කරන රාශියයි.

බුධ කන්‍යාවට රතු පැහැය විපක්‍ෂයට

මෙවර එම බුධට වක්‍ර ගුරුගේ ස්ප්තම දෘෂ්ටිය ද වැටේ. එමෙන්ම කුජගේ ත්‍රිකෝණ දෘෂ්ටිය ද උරුමයි. තවද බුධ මෙවර කන්‍යා රාශිය තුළ 2022 ඔක්තෝබර් මස 26 දක්වා රැඳී සිටිනු ඇත. එය මාස දෙකකට අධික කාලයක් මේ වසර තුළ බුධ එක රාශියක සිටින තුන්වන අවස්ථාවයි. සාමාන්‍යයෙන් බුධ මෙසේ එක් රාශියක වැඩි කාලයක් සිටීම එතරම් යහපත් නැත. පළමු වර මකර රාශියේ ද දෙවන වර වෘෂභ රාශියේ ද මෙසේ බුධ වැඩි කාලයක් වක්‍ර, නිවෘත වෙමින් රැඳී සිටියේය. කෙසේ වෙතත් තමාගේම නිවසක මෙසේ දිගු කාලයක් රැඳී සිටීම තම ගෙදර හොඳින් සුද්ධ පවිත්‍ර කරගන්නා අවස්ථාවක් ලෙස හැඳින්විය හැක. ඒ අනුව බුධ මෙවර සන්නිවේදන, භාෂා, අධ්‍යාපන, නීති ක්‍ෂේත්‍රවල සුද්ධ පවිත්‍ර කිරීම් සිදු කරනු ඇත.

බුධ කන්‍යාවට රතු පැහැය විපක්‍ෂයට

මාධ්‍ය සඳහා නව නීති, මාධ්‍ය භාවිතය පිළිබඳ, සමාජ මාධ්‍ය පිළිබඳ යම් නියාමන ක්‍රම නිර්මාණය වෙනු ඇත. තවද විවිධ ක්ෂේත්‍ර උදෙසා නව නීති, අණපනත් එළිදැක්වෙන කාලයකි. ව්‍යවස්ථා සම්පාදන, ආණ්ඩුක්‍රම වෙනස්වීම් පිළිබඳව ද සාකච්ඡා කෙරෙනු ඇත.

දරුවන්ගේ අධ්‍යාපනික ක්‍රමවේද, විෂය ධාරා පිළිබඳව ද නව සැලසුම් නිර්මාණය වන කාලයකි. දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු උසස් වනු ඇත. භාෂා ක්‍ෂේත්‍ර ප්‍රවීණයන්ට නිවැරැදි නැකත් ලැබෙනු ඇත. රට තුළ තිබූ සමාජ විෂමාචාර යම් ප්‍රමාණයකට අඩු වෙන බව පෙනේ.

මිනිසුන් තුළ තිබූ ආවේග යම් පමණකට පාලනය වන කාලයකි. කෙසේ වෙතත් පාලක තන්ත්‍ර පිළිබඳ නව ක්‍රමවේද අත්හදා බැලේ. යළි මැති ඇමැති තනතුරුවලට පත්වීම් සිදුවන බව පෙනේ. දේශපාලන රහසිගත කුමන්ත්‍රණ ද සිදුවීමේ ඉඩ තිබෙන කාලයකි.

රතු පැහැය නියෝජනය කරන කුජ ග්‍රහයා මේ වනවිට ලංකා කේන්ද්‍රයේ හතරවැන්නේ ද සිටින බැවින් රතු පැහැ පක්‍ෂයත් විපක්‍ෂය බවට පත්වීමට නැතහොත් ජවිපෙ නායකත්වය රතු පැහැ පක්‍ෂයකට උරුම වීමට ඉඩ පවතින කාලයකි.

බුධ කන්‍යාවට රතු පැහැය විපක්‍ෂයට

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී  වාස්තු විද්‍යාඥ ආචාර්ය  කැලුම් ගුණතිලක
දු.අංකය – 077-8995353

advertistmentadvertistment
advertistmentadvertistment