බුධ මිථුනයට… ලග්න තුනකට සුබම සුබයි

1287

ශී‍්‍ර ලංකාවේත් ලෝකයේත් ග‍්‍රහබලය එතරම් හොඳ නැති කාලයක අපට ජීවත් වන්නට සිදුවී තිබේ. කොරෝනාවෙන් බියට පත්ව අතමිට හිඟවෙත්ම මේ අපල බහුල යුගයක් නොවේ දැයි ඕනෑම කෙනෙකුට හිතට එනවා ඇත. හොඳ කාලයක් උදා වෙන්නේ කවදා ද? යන්න ජ්‍යොතිර්වේදීන් වෙත නිරන්තරව යොමුවන ප‍්‍රශ්නයකි. මේ වූ කලී අනප්තුස පුරා අඳුරු වලාකුළු ගහනව ඝන අන්ධකාරය පැතිර පවත්නා කාලයක් වැන්න. එහෙත් ඒ අඳුරු වලාවන් අතරින් මතුවන රිදී රේඛාවක් දක්නට තිබේ. ඒ බුද්ධියට අධිපති වූත් ග‍්‍රහ ලොව රාජ්‍ය ලේකම්වරයා වූත් බුධ මිථුන රාශි ගත වීමයි. දිනය, උදවන ජුලි හත්වැනිදා යි. වෙලාව උදේ 11.13 ට වේ.

බුධ මිථුනයට... ලග්න තුනකට සුබම සුබයි

මිථුනය බුධගේම රාශියයි. නැතහොත් තමන්ගේම නිවසයි. ඊට ස්වක්‍ෂේත‍්‍ර යැයි කියනු ලැබේ. රාජ්‍ය ලේකම් ලෙස හඳුන්වන බුධ එසේ බලවත් වෙනවා යනු බුධට හිමි දේවල්වලට සුබපල උදා වීමයි.

වචනවලට, කතාවට, අධ්‍යාපන ආයතනවලට මෙන්ම ලේඛකයින්, නිවේදකයින්, ජ්‍යොතිර්වේදීන්, ගුරුවරු හා ශී‍්‍ර විෂ්ණු දෙවියන් ද බුධගෙන් සංකේතවත් වේ. මිථුන රාශිය වූ කලී ශී‍්‍ර ලංකාව හිමි කුම්භ ලග්නයේ පස්වැන්න වූ විද්‍යාස්ථානය යි. අධ්‍යාපනය ගැන කියන ස්ථානය යි. බුධ ග‍්‍රහයා ජුලි මස 25වැනි දින දක්වා මිථුන රාශියේ ගමන් කරනවා ඇත.

මේ කාලය ඇතුළත අධ්‍යාපන අංශවලින් යම් තරමක සතුටුදායක ආරංචි ලැබෙනවා ඇත. අකුරු කියවීමට නිසි වයස සම්පූර්ණ වූ දරුවන්ට ඒ සඳහා සුබ නැකත් උදා වේ. ශාස්තී‍්‍රය කටයුතු ආරම්භයට යන්ත‍්‍ර මන්ත‍්‍ර පිළිබඳ ශාන්තිකර්ම කටයුතුවලට ව්‍යාපාර ආරම්භයට සුබ නැකත් යෙදේ. මිථුන කන්‍යා ලග්නවලින් උපන් අයට විශේෂයි. ගුරුවරුන්ට ජ්‍යොතිර්වේදීන්ට, නීතිඥයින්ට, නිවේදකයින්ට පුවත්පත් කලාවේදීන්ට, ලේඛකයින්ට සුබපලදායක වේ.

බුධ මිථුන රාශිගත වීම උපන් ලග්න අනුව උදාකරන සුබාසුබ පහත සඳහන් පරිදි වනවා ඇත.

මේෂ

තුන්වැන්නට බුධ මාරු වීම මේෂ ලග්න හිමියන්ට තරමක් බාධා ඇති කරන බව පෙනේ. කතාවෙන් ප‍්‍රවේශම් විය යුතු කාලයක් වේ. කතාව නිසා අන් අය අමනාපකම් ඇතිකර ගැනීමට ඉඩ තිබේ. වියදම් ඉහළ යයි. වියදම් පාලනයකර ගැනීමට සැලකිලිමත් වෙන්න. මේ අතර බාල සහෝදරයකු ගැන සතුටුදායක ආරංචියක් ලැබීමට ඉඩ තිබේ.

වෘෂභ

ධනස්ථානයට හා පුත‍්‍ර ස්ථානයට අධිපති බුධ මාරුව ඔබට සුබපල දායකයි. ආර්ථික තත්ත්වය යහපත් වේ. ආදායම් ඉහළ යයි. පවුලේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. දරුවන් ගැන හිතා සතුටු විය හැකියි. වෘෂභ හිමි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. ආයෝජනවලින් ලාභ ලැබේ. අන් අයගෙන් ද ස්තුති ප‍්‍රශංසා ලැබෙන කාලයකි. පෙම්වතුන්ට සුබපලදායකයි. රහස් සතුරන්ගෙන් ප‍්‍රවේශම් වෙන්න.

මිථුන

මිථුන ලග්න හිමියන්ට බුධ මාරුව මිශ‍්‍රපලදායකයි. ඒරාෂ්ටක අපල තත්ත්වයන් ද පවතින බැවිනි. පවුලේ දියුණුවට කරන කටයුතුවලට තරමක් බාධා ඇති වේ. කතාබහ කරනවිට දුරදිග බලා කතා කිරීමට වග බලා ගන්න. ඉඩම් ගෙවල්වල දියුණුවට කරන කටයුතුවලට ද බාධා ඇති වීමට ඉඩ තිබේ. එහෙත් ආගම දහමට හිත යොමු වේ. දුර ගමන් යෙදීමට ඉඩ තිබේ. ශාස්තී‍්‍රය කටයුතුවලින් ජය ලැබේ.

කටක

කටක ලග්න හිමියන්ට ද බුධ මාරුව මිශ‍්‍රපලදායකයි. සහෝදරයකු වෙනුවෙන් අමතර වියදමක් කරන්නට සිදු වේ. වියදම් ඉහළ යන කාලයක් බව පෙනේ. ලිපි ලේඛන, පොරොන්දු ගිවිසුම්වලට අත්සන් කිරීමේදී දුරදිග බලා කටයුතු කළ යුතුයි. ස්නායුගත රෝගවලින් පෙළෙන්නේ නම් සෞඛ්‍ය රැුක ගැනීමට විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. දුරදිග බලා කතා කරන්න.

සිංහ

බුධ මාරුව ඔබට සුබපලදායකයි. හිත මිතුරන් සමග සතුටින් කාලය ගත කරන්නට අවස්ථා උදා වේ. අලූත් මිතුරන් හඳුනාගැනීමට හැකි වේ. ආදායම් ඉහළ යයි.

රැකියා ව්‍යාපාරවල ද දියුණුවට කරුණු යෙදේ. පවුලේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. සහෝදරයාට සුබපලදායකයි. හිතේ සතුට ඇති වේ. බලාපොරොත්තු ඉටු වේ. රැුකියා ලාභ බලාපොරොත්තුවෙන් සිටි අයට රැුකියා ලැබේ.

කන්‍යා

බුධ දහවැන්නට මාරුවීම සුබපලදායකයි. තනතුරේ හෝ තත්ත්වයේ උසස්වීමක් ලැබීමට ඉඩ තිබේ. රැුකියා අංශවල දියුණුවට කරුණු යෙදේ. බලාපොරොත්තු ඉටු වේ. උසස් අයගේ උදව් උපකාර ලැබේ. බිරිඳ හෝ සැමියාගේ රැුකියා දියුණුව ද ඇති වේ. අවිවාහක අයගේ මංගල යෝජනා පෙම් සබඳතා ස්ථිර කර ගැනීමට හැකි කාලයක් වේ. අලූත් ව්‍යාපාර ආරම්භ කිරීමට ද සුබ කාලයකි.

තුලා

බුධ නවවැන්නට මාරු වීම මිශ‍්‍රපලදායකයි. ආගම දහම කෙරෙහි හිත යොමු වේ. අධ්‍යාපන කටයුතුවලට තිබූ බාධා ඉවත් වේ. සමාජ සේවා හෝ පිංකමකට සහභාගි වීමට හැකි වේ. උසස් ගුරුවරුන්ගේ ඇසුර ලැබේ. මේ අතර වියදම් ඉහළ යෑමට ද ඉඩ තිබේ. ශරීර සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් විය යුතු වේ. පවුලේ වියදම් පාලනය කර ගැනීමට හා අරපිරිමැස්මෙන් යුතුව කටයුතු කිරීමට වගබලා ගන්න.

වෘශ්චික

ඔබේ ලග්නයෙන් අටවැන්නට බුධ මාරුවීම සිදු වේ. මෙය මිශ‍්‍රපලදායක තත්ත්වයන් ඇති කරයි. බුධ අටවැන්නේ ගමන් කරන කාලය සුබපලදායක බව ජ්‍යොතිෂයේ සඳහන්වන නමුත් ශරීර සනීපය ගැන සැලකිලිමත් වීම මැනවි. හිතේ සතුට ඇති වන අතර ආදායම් මාර්ගවල සතුටුදායක තත්ත්වයන් පෙන්වයි. රැුකියා ව්‍යාපාර සුබදායකයි. දරුවන්ගේ ද දියුණුව ඇති වන කාලයකි. බලාපොරොත්තු ඉටු වේ.

ධනු

බුධ ඔබේ ලග්නයෙන් හත්වැන්නට මාරුවන අතර මේ කාලය තරමක් බාධා ඇති කරන බව ද පෙනී යයි. විවාහ සහකරු සමග අමනාප වීමට හෝ සහකරුට අපලදායක තත්ත්වයක් ඇති වීමට ඉඩ තිබේ. හවුල් ව්‍යාපාරවලදී බලාපොරොත්තු වන ලාභ නොලැබී යෑමට ඉඩ තිබේ. එමෙන්ම ස්නායුගත රෝග වැනි අසනීප තත්ත්වයන් තිබේ නම් නිසි ප‍්‍රතිකාර ගැනීමට සැලකිලිමත් වීම අවශ්‍ය වේ.

මකර

ඔබේ ලග්නයෙන් හයවැන්නට බුධ මාරුවීම බොහෝදුරට සුබපල ඇති කරන බව පෙනේ. අධ්‍යාපන කටයුතුවලට ඇති උනන්දුව වැඩි වේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. ව්‍යාපාරවලින් ලාභ ලැබේ. හදිසි ධනයක් ලැබීමට ද ඉඩ තිබේ. ගෞරව ප‍්‍රශංසා ලැබෙන කාලයකි. අලූත් අධ්‍යාපන පාඨමාලාවක් ආරම්භ කිරීමට හොඳ කාලයකි. ලේඛන සන්නිවේදන, ජ්‍යොතිෂ වැඩ කරන අයට විශේෂ සුබපල ලැබේ.

කුම්භ

ලග්නනේ පස්වැන්නේ බුධ ගමන් කරන මෙම කාලය ඔබට මිශ‍්‍රපලදායකයි. මුදල් ආයෝජනය කරනවිට දුරදිග බලා කරන්න. පෙම් සබඳතා හෝ විවාහ යෝජනාවලට තරමක බාධා පවති. නමුත් අධ්‍යාපන කටයුතු සාර්ථකකර ගත හැකියි. තත්ත්වයේ උසස්වීමක් ලැබීමට ඉඩ තිබේ. අදාළ උපදෙස් මත කටයුතු කිරීමෙන් බොහෝ බලාපොරොත්තු ඉටුකරගත හැකියි.

මීන

බුධ මාරුව සුබපලදායකයි. හිතේ සතුට ඇති වේ. ගෙදර දොර දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. පවුලේ අය සමග සතුටින් කාලය ගත වේ. විවාහ සහකරුට ද සුබයි. ගෙවල් ඉඩම් දියුණුවට සුදුසු කාලයකි. මවු පාර්ශ්වයේ සැලකිලි ලැබේ. අවිවාහක අයට මංගල යෝග යෙදේ. කෘෂිකාර්මික කටයුතු හා ගෘහාශි‍්‍රත ව්‍යාපාර ආරම්භ කිරීමට සුබ නැකත් යෙදේ.

advertistmentadvertistment
advertistmentadvertistment