බුබුළෙන් පිට ගිය විනිසුරුට වැඩ වරදී

519

මෙවර පන්දු වාර 20 – 20 ලෝක කුසලාන කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ විනිසුරුවන්ගේ ජෛව බුබුළට අදාළ නීති උල්ලංඝණය කිරීම මත එංගලන්ත විනිසුරු මයිකල් ගෆ්ට ස්වයං නිරෝධායනයද සහිතව දින හයක තහනමක් පැමිණවීමට අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලය පියවරගෙන ඇත. ගෆ්ට ඉකුත් 28 වැනිදා සිට මෙම තහනම පනවා තිබුණි. තහනම පනවා තිබුණු සමයේ ඉන්දියාව සහ නවසීලනත්ය අතර ඉකුත් 31 වැනිදා පැවැති තරගයද ගෆ්ට අහිමි විය.

දින හයකට පසුව පෙරේදා (02 වැනිදා) කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයේ ප‍්‍රතිඵලයන් ඊයේ (03 වැනිදා* පැමිණීමට නියමිතව තිබුණු අතර එය සෘණාත්මක වුවහොත් අද ශ‍්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් තරගයේ විනිසුරුවරයෙකු වශයෙන් ඔහු කටයුතු කරනු ඇත.

කුෂාන් සුබසිංහ අබුඩාබි සිට
 

advertistmentadvertistment
advertistmentadvertistment