බුම්රාගේ උත්සාහය අපතේ යවමින් කල්කටා ජය ගනී

217

කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව අයිපීඑල් තරගයකදී ක්‍රීඩකයෙකු වාර්තා කළ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට ජස්ප්‍රිට් බුම්රාහ් පෙරේදා (09 වැනිදා) පැවැති තරගයේදී සමත් වුවද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ලකුණු 52ක පරාජයක් හිමි විය.

ජස්ප්‍රිට් බුම්රාහ් සිය පන්දු වාර 4 තුළදී ලකුණු 10කට කල්කටා කණ්ඩායමේ කඩුලු 5ක් දවා ගත් අතර එම පන්දු යැවීම අයිපීඑල් තරගාවලියේ දී පරාජිත කණ්ඩායමක ක්‍රීඩකයෙකු පෙන්වූ හොඳම දෙවෙනි දක්ෂතාවය ලෙසද වාර්තා වන අතර ලකුණු 19කට කඩුලු 6ක් දවා ගත් ඇඩම් සම්පා එහි පෙරමුණේ පසු වෙයි.

කල්කටා කණ්ඩායම පළමුව පන්දුවට පහර දී කඩුලු 9ක් දැවී ලකුණු 165ක් ලබා ගත් අතර මුම්බායි කණ්ඩායමට පන්දු වාර 17යි පන්දු 3ක් තුළදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 113ක් පමණි.

කල්කටා කණ්ඩායම වෙනුවෙන් වෙන්කටේෂ් අයියර් සහ නිටිෂ් රානා ලකුණු 43 බැගින් ලබා ගත් අතර මුම්බායි කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු ඉෂාන් ක්‍රිෂන් ලකුණු 51ක් ලබා ගත්තේය.

මුම්බායි කණ්ඩායම අමාරුවේ දැමූ පැට් කමින්ස් ලකුණු 22කට කඩුලු 3ක් සහ ඇන්ඩි රසල් ලකුණු 22කට කඩුලු 2ක් දවා ගත්තේය.

ලකුණු සාරාංශය

කල්කටා කණ්ඩායම 165/9

මුම්බායි කණ්ඩායම 113/10

advertistmentadvertistment
advertistmentadvertistment