බුලත් කෙළ වැදී ජංජාලයයි!

708

මොහාන් දුප්පත් පවුලක දරුවෙකි. දුප්පත් වුවත් ඉගෙනීමට මෙන්ම ක‍්‍රීඩාවට උපන් හපනෙකි. පහේ ශිෂ්‍යත්වය ඉහළින්ම සමත් වූ ඔහු කොළඹ සුපිරි පාසලකට ගියේ දහසකුත් එකක් ප‍්‍රශ්න මැද ය. ඉගෙනීමෙන් පමණක් නොව ක‍්‍රීඩාවෙන් ද තම පාසල ඉහළටම ඔසවා තැබූ මොහාන් පදක්කම් පිට පදක්කම් ලබමින් පාසල් මාතව ඉහළින්ම ඔසවා තැබීමට සමත් විය.

කැඩෙට් නිලධාරි තනතුරකට ඉල්ලූම්පත යොමු කළේ ද පාසලෙන්ම ය. දිනය උදා විය. සම්මුඛ පරීක්‍ෂණයට අදාළ ලිපිය ලැබිණි. අත්දිග සුදු කමිසයත්, ටයි පටියත්, අනෙකුත් සහතික පත‍්‍රත් රැුගෙන ඔහු අදාළ හමුදා මූලස්ථානයට පිටත් වූයේ මවගෙත්, වැඩිමහල් සොයුරියගෙත් දෙපා වැඳ ආශිර්වාද ලබාගත් පසුවය.

ඔහු කොළඹට ආවේ බස් රථයකිනි. අතමිට මුදල් ද නැත. ඔහු පිටකොටුව බස් නැවතුම්පළෙන් බසයෙන් බැස අඩි කිහිපයක් ඉදිරියට ගියේ ඊළඟ බසයට ගොඩවීමටය. ලිපිගොනු අඩංගු ෆයිල් කවරයත්, කෝට් එකත් එක අතකය. එසැණින් බස් රථයක කවුළුවකින් සිරිස් ගා රතු පැහැති යමක් විසිරී ආවේ මොහාන්ගේ අත්දිග සුදෝසුදු කමිසය රත් පැහැයෙන් පාට කරමිනි. ඔහුට උන්හිටි තැන් අමතකව ගියේය. අතේ මුදල් ද නැත. බුලත් කෙළ පහරින් කමිසය ඉවරය. නොහික්මුණු මිනිසා රැගත් බස් රථය පෙනී නොපෙනී ගොසිනි.

අත රැුඳි කෝට් එකෙත් බුලත් කෙළ ය. සියලූ අභියෝග මැද ඔහු සම්මුඛ පරීක්‍ෂණයට මුහුණ දුන්නේය. බුලත් කෙළ දුටු හමුදා නිලධාරීන් ඒ පිළිබඳව ද විමසා සිටියේ ඒ තරමට බුලත් කෙළ පහර ප‍්‍රභල ලෙස වැදී තිබුණු නිසාය. අපිට ඕනෙ මේ වගේ අය තමයි. ඔහු සමම්මුඛ පරීක්‍ෂණයෙන් සමත්, නමුත් අවිනීත මිනිසුන් වනචාරීන් ලෙස බුලත් හප හපා මෙලෙස කෙළ ගැසීමෙන් කීදෙනෙක් නම් අමාරුවේ වැටෙනවා ඇතිද? බුලත් විට කන මිනිසුන් අනෙක් මිනිසුන් ගැන කල්පනා කළ යුතු නොවේද?

පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment