‘බුල්කි’ කණ්ඩායම ඇමැති විදුර හමුවෙති

574

ශ‍්‍රී ලංකාව අළලා නිර්මාණය කළ ‘බුල්කි’ නම් රුසියානු සිනමා පටයෙහි රූගත කිරීම් නිමකළ එහි නිෂ්පාදක කණ්ඩායම පෙරේදා (22* ජාතික උරුම ප‍්‍රාසාංග කලා හා ග‍්‍රාමීය කලා ශිල්පී ප‍්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක මහතා හමුවිය.
 
ඉදිරියේදී ද ලංකාවේ මෙවැනි රූගත කිරීම් සිදු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරදෙන මෙන් එම සිනමා නිර්මාණයේ නිෂ්පාදිකා ක්සෙනියා බ‍්‍රග් රීමෝවා මහත්මිය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියාය. ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට නියමිත මොස්කව් සිනමා උළෙලට පැමිණෙන ලෙසටද එම පිරිස අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ.
 
 
– නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment