බුස්ටර් එන්නත් මාත‍්‍රාව නොවැම්බර් මස 01 වන දා සිට

213

නොවැම්බර් මස 01 වන දා සිට මෙරට ජනතාවට කොවිඞ් පාලනය සඳහා තෙවැනි එන්නත හෙවත් බුස්ටර් එන්නත් මාත‍්‍රාව ලබා දීම ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද පැවසීය. එහිදී කොව්ඞ් මර්දනයේ ඉදිරිපෙළ පිරිස් සඳහා එය මුලිකව ලබා දීමට සැලසුම් කෙරෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.‍

මෙම වැඩපිළිවෙල ආරම්භ කිරීමට මිලියන දෙකක එන්නත් තොගයක් මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය සතුව තිබෙන බවද අමාත්‍යවරයා පැවසීය.
ඉදිරි එන්නත්කරණ කටයුතු සඳහා තවත් මිලියන 14 ක එන්නත් තොග ඇනවුම් කර ඇතිබවත් එම එන්නත් ක‍්‍රමානුකූලව මෙරටට ගෙන ඒමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. රටෙහි ජනතාවට එන්නත් මාත‍්‍රා තුනම ලබා දීමට රජය කිසිදු මුදලක් ජනතාවගෙන් අය නොකළ බවද පැවසූ අමාත්‍යවරයා ඇතැම් රටවල් මුදල් අය කරමින් එන්නත් ලබා දී ඇති බවද පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment