බූකිනෆාසෝ රාජ්‍යයේ ඉස්ලාමීය අන්තවාදීන්ගේ හිංසනයන්ට එරෙහිව උද්ඝෝෂණ

222

බටහිර අප‍්‍රිකානු රාජ්‍යයක් වන ‘‘බූකිනෆාසෝ’’ රාජ්‍යයේ වැඩි වෙමින් පවතින ඉස්ලාමීය අන්තවාදීන්ගේ හිංසාකාරී ක‍්‍රියාවන් නැවත්වීමට රජය පියවර නොගැනීමට එරෙහිව පෙරේදා (27දා) අගනුවර වන ‘‘ඔවුවගඩාවුගෝ’’ නගරයේ පැවති මහජන උද්ඝෝෂණයක් විසුරුවා හැරීමට කැරළි මර්දන පොලිසිය විසින් කඳුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කර තිබේ. මෙම කඳුළු ගෑස් ප‍්‍රහාරයෙන් කුඩා දරුවකු, ජනමාධ්‍යවේදීන් දෙදෙනකු සහ උද්ඝෝෂණයට සහභාගි වූ විශාල පිරිසකට අනතුරු සිදුව ඇති බව උද්ඝෝෂණයේ සංවිධායකයන් පවසා තිබේ.

 ඇතැම් උද්ඝෝෂකයන් බූකිනෆාසෝ රාජ්‍යයේ මාර්ගවල යොදා තිබූ මාර්ග බාධක ඉවත් කරමින් ටයර් පුළුස්සමින් ඉස්ලාමීය අන්තවාදීන්ගේ හිංසාකාරී ක‍්‍රියාවන් නැවත්වීමට පියවර නොගැනීමට එරෙහිව විරෝධය පළ කර තිබේ. බූකිනෆාසෝ රාජ්‍යයේ රජය විසින් ජංගම දුරකථන අන්තර්ජාල සේවාවන් අත්හිටුවමින් හා කැරළි මර්දන පොලිස් නිලධාරීන් සිය ගණනක් යොදවමින් උද්ඝෝෂණය මැ`ඩලීම සඳහා කටයුතු කර තිබේ. උද්ඝෝෂණය සංවිධායනය කළ ‘‘නොවැම්බර් 27 -සභාගය’’ නමැති සංවිධානය ඉස්ලාමීය අන්තවාදීන්ගේ හිංසනයන් වැළක්වීමට පියවර නොගත් රටේ ජනාධිපතිවරයා ඉල්ලා අස් විය යුතු බව පවසා තිබේ. ඉස්ලාමීය අන්තවාදීන්ගේ ප‍්‍රහාරවලින් පසුගිය මාස කිහිපය තුළදී බූකිනෆාසෝ රාජ්‍යයේ ආරක්ෂක නිලධාරීන් විශාල පිරිසක් මියගොස් ඇති බව අනාවරණය වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment