බූස්ටරය අරන් ඇත්තේ 22% යි

129

බූස්ටර් එන්නත මේ වනවිට ලබාගෙන ඇත්තේ සමස්ත ජනගහනයෙන් සියයට 22ක ප‍්‍රමාණයක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඞ් රෝග පිළිබඳ ප‍්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා ‘දිවයින’ට ඊයේ (24දා) පැවැසීය.

එන්නත ලබානොගත් බොහෝ දෙනකු මිථ්‍යා මත විශ්වාස කරමින් සිටීම කනගාටුවට කරුණක් බවත් හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතාකළ වෛද්‍ය අන්වර් හම්දානි මහතා මෙසේද කියා සිටියේය.

බූස්ටර් එන්නත ලබාගැනීමේ අඩු ප‍්‍රවණතාවය නිසා ඔමික්‍රෝන් ප‍්‍රභේදය ඇතුළු අනෙකුත් කොවිඞ් ප‍්‍රභේද වැළඳුණු රෝගීන්ගේ ශීඝ‍්‍ර වැඩිවීමක් දකිනවා. ඒ නිසා සමාජ මාධ්‍ය ජාලා තුළින් පැතිරී යන මිථ්‍යා මත ගැන විශ්වාස නොකර මේ බූස්ටර් එන්නත ලබාගන්න කියලා සියලූ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment