බූස්ටර් එන්නතට ජංගම සේවයක්

109


කොරෝනා මර්දන එන්නත් දෙවන මාත්‍රාව ලැබ මාස තුන ඉක්ම වූ වයස අවුරුදු 60ට වැඩි සියලු දෙනාට ජංගම සේවා මගින් අධි මාත්‍රාව හෙවත් බූස්ටරය ලබාදීමට කටයුතු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට අද උපදෙස් දුන්නේය.
අද පෙරවරුවේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් දෙනු ලැබීය.
රෝහල් වෛද්‍ය සායන සඳහා පැමිණෙන වයස අවුරුදු 60 ඉක්ම වූ සියලුදෙනාට ද එම සායන තුළදී අධි මාත්‍රා එන්නත ලබාදීමට තීරණය කෙරිණි.
කොරෝනා මර්දන දෙවන එන්නත් මාත්‍රාව ලැබ මාසයක් ඉක්ම වූ වයස අවුරුදු 20ට වැඩි බෝනොවන රෝග වලින් පෙළෙන සියලු දෙනාට ද තුන්වන මාත්‍රාව ලබාදීමට තීරණය විය. ඒ අනුව පිළිකා රෝගීන්, පිළිකා රෝග සඳහා ප්‍රතිකාර ලබන්නන්, අවයව බද්ධ කළ රෝගීන්, රුධිර කාන්දුකරණ රෝගීන්, බෝ නොවන රෝගයක් හේතුවෙන් ප්‍රතිශක්තිකරණය අඩු සියලුදෙනාට විශේෂඥ වෛද්‍ය නිර්දේශ මත එන්නත් තුන්වන මාත්‍රාව ලබාදෙනු ඇත.
අදාළ සායනයෙන් හෝ සෑම සෙනසුරාදා දිනකම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් මෙම පිරිසට තුන්වන එන්නත් මාත්‍රාව ලබාගැනීමට හැකි බව සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂ ජනරාල්ල විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment