බූස්ටර් එන්නතේ අලුත්ම හෙළිදරව්ව

968


බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබාගැනීමෙන් කොවිඩ් මරණ සිදුවීමේ අවස්ථාව සියයට 90කින් පහළයන බව ඇමෙරිකානු වසංගත රෝග පාලන සහ නිවාරණ ආයතනය පවසයි.

එම ආයතනය අනාවරණය කර ඇත්තේ ඩෙල්ටා ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඊශ්‍රායලය සිදුකළ පර්යේෂණයකදී මෙම කරුණු අනාවරණය වී ඇති බවය.

පූර්ණ වශයෙන් එන්නත්කරණයට ලක්වූ පිරිස් බූස්ටර් මාත්‍රාවක් ලබාගැනීමෙන් කොවිඩ් වැළඳීමට ඇති අවස්ථාව 10 ගුණයකින් අවම වන බවත් 60ට වැඩි පිරිස අසාධ්‍යව රෝහල්ගතවීමේ අවස්ථාව 18 ගුණයකින් පහළ යන බවත් මෙහිදී හඳුනාගෙන ඇත.

එමෙන්ම බූස්ටර් මාත්‍රාවක් ලබාගැනීමෙන් වයස අවුරුදු 40ත් 59ත් අතර පිරිස බරපතළව රෝගීවීමට ඇති අවස්ථාව 22 ගුණයකින් පහළගොස් ඇති බවත් හෙළිවී තිබේ.

අමෙරිකානු වසංගත රෝග ප්‍රධානීන් පුරෝකථනය කර ඇත්තේ ඔමික්‍රොන් ප්‍රභේදය සම්බන්ධයෙන් ද මෙම ප්‍රතිඵල සමාන වනු ඇති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment