බූස්ටර් එන්නත මෙතෙක් ලබාගෙන ඇත්තේ ජනගහනයෙන් 25%යි – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

178

කොවිඞ් වෛරස මර්දනය වෙනුවෙන් ලබාදෙන තෙවැනි එන්නත් මාත‍්‍රාව ‘බූස්ටර්’ එන්නත මේ වනවිට ලබාගෙන ඇත්තේ මෙරට සමස්ත ජනගහනයෙන් 25%ක ප‍්‍රතිශතයක් පමණක් නිසා සති කිහිපයක් තුළ ඔමික්‍රෝන් රැල්ලක් මෙරට තුළ පැතිර යා හැකි බවට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.

මෙම රැුල්ලට සාර්ථකව මුහුණ දීම සඳහා එන්නත්කරණය, මුව ආවරණ පැළඳවීම, නියමිත දුර තබා ගැනීම, ගමන් කරන රථවාහනවල හොඳ වාතාශ‍්‍රය පැමිණීම සඳහා ජනේල් විවෘතව තැබීම, දෑත් පිරිසිදුව තබාගැනීම වැනි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදිය යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප‍්‍රනාන්දු සහ එහි ලේකම් විශේෂඥ වෛද්‍ය ආර්. ඥාණසේකරම් යන මහත්වරු පෙන්වා දෙති.

ඔමික්‍රෝන් විකෘති කොවිඞ් ප‍්‍රභේදය ඩෙල්ටා ප‍්‍රභේදයට වඩා අඩු රෝගී තත්ත්වයක් පෙන්නුම් කළ ද එය පැතිරයෑමේ හැකියාව ඉතා ඉහළ බැවින්

රෝගීන් සංඛ්‍යාව විශාල ලෙස වැඩිවීමෙන් රෝහල් ්ගත වන රෝගීන් සංඛ්‍යාව වැඩිවීම නිසා ඉන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ද රෝගය වැළඳීමේ දැඩි අවදානමක් ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. ශී‍්‍ර ලංකාවේ ඉලක්කගත ජනගහනයෙන් 85% කට ආසන්න පිරිසකට (අවු: 16ට වැඩි) කොවිඞ් එන්නත් මාත‍්‍රා 02 ක් ලබාදී ඇතත් ‘ඇස්ට‍්‍රාසෙනිකා’ හෝ ‘ෆයිසර්’ මාත‍්‍රා දෙක මගින් ‘ඔමික්‍රෝන්’ ප‍්‍රභේදයෙන් ඇතිවන ආසාදන වැළැක්වීමට ඇති හැකියාව ඉතා ප‍්‍රබල මට්ටමක නොමැති බවද එම සංගමය පවසයි.

කෙසේ වෙතත් ‘ඇස්ට‍්‍රාසෙනිකා’ එන්නත් මාත‍්‍රා 02ක් එන්නත් කරන ලද පුද්ගලයන්ට ‘ෆයිසර්’ බූස්ටර් මාත‍්‍රාවක් ලබාදීමෙන් සායනික රෝගවලට එරෙහිව කාර්යක්ෂමතාව 70% දක්වා ඉහළ නැංවීමට හැකි බවද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment