බූස්ටර් මාත‍්‍රාවකින් ‘ඔමික්‍රෝන්’ වෛරසය මැඬලිය හැකි බව හෙළි වී නැහැ – ලෝක සෞඛ්‍ය සංවිධානය

234

නව ‘‘ඔමික්‍රෝන්’’ කොරෝනා වෛරස්
ප‍්‍රභේදයෙන් ආරක්ෂා වීම සඳහා තුන්වැනි
කොරෝනා එන්නත් මාත‍්‍රාවක් (බූස්ටර්
මාත‍්‍රාවක්* ලබා දීම අවශ්‍යයද යන්න පිළිබඳව
තවමත් නිශ්චිත වශයෙන් තහවුරු වී නොතිබීම
හේතුවෙන් ලොව පුරා එම එන්නත් හිඟයක් ඇති
වන අයුරින් එන්නත් තොග විශාල වශයෙන්
ගොඩ ගසා ගැනීමෙන් වළකින ලෙස ලෝක
සෞඛ්‍ය සංවිධානය විසින් ධනවත් රටවලින්
විශේෂ ඉල්ලීමක් කර ඇත.

මෙසේ සිය ජනතාවට තුන්වැනි එන්නත්,
මාත‍්‍රාවක් හෙවත් බූස්ටර් එන්නත් මාත‍්‍රාවක්
ලබාදීමට යැයි පවසමින් ධනවත් රටවල් විසින්
කොරෝනා මර්දන එන්නත් තොග අනවශ්‍ය
ලෙස ගබඩාකර තබා ගැනීමෙන් මෙතෙක්
එක් කොරෝනා මර්දන එන්නතක් හෝ නොලැබුණු සංවර්ධනය
වෙමින් පවතින රටවලට තවදුරටත් එම එන්නත් තොග නොලැබීමට
මගපාදන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ
එන්නත් අංශයේ ප‍්‍රධානියා වන කේට් ඕ
බ‍්‍රයන් පවසා තිබේ.

මෙසේ ‘‘ඔමික්‍රෝන්’’ වෛරසය පිළිබඳව නිසි පරිදි දත්ත නොමැතිව
එන්නත් තොග ගබඩා කර තැබීමෙන් ගෝලීය
වශයෙන් කොරෝනා එන්නත් බෙදී යෑමේ
අසමානතාවයක් නිර්මාණය වන බව ද ඇය
පෙන්වා දී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ
එන්නත් අංශ ප‍්‍රධානියාගේ මෙම ප‍්‍රකාශය
නිකුත් වී ඇත්තේ ෆයිසර් එන්නතෙන් මාත‍්‍රාවන්
තුනක් ලබා දීමෙන් ‘‘ඔමික්‍රෝන්’’ වෛරසයට
එරෙහිව ප‍්‍රතිශක්තිකරණයක් ලබාගත හැකි බව
ෆයිසර් සමාගම විසින් නිවේදනය කිරීමෙන්
අනතුරුවය. එසේ බූස්ටර් මාත‍්‍රාවකින් අදාළ
වෛරස් ප‍්‍රභේදයට එරෙහිව ආරක්ෂාව සපයන
බවට ප‍්‍රකාශ කිරීම තවම හැකියාවක් නොමැති
බවද ඇය සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment