බූස්සේ රඳවා සිටින ලෝක කුඩ්ඩාට ඇපල් ෆෝන් එකක් ගෙනත් දීලා

435

බූස්ස අධිආරක්‍ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින මාලදිවයින් ජාතික ජාත්‍යන්තර මත් කුඩු ජාවාරම්කරුවකු වන ඊබ්‍රාහිම් නමැති රැඳවියකුට රුපියල් ලක්‍ෂ පහක් පමණ වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් අරඹා තිබේ.

අදාළ කුඩු ජාවාරම්කරු බූස්ස බන්ධනාගාරයේ සිටිමින් නවීන දුරකථනයකින් ඇමතුම් ලබා ගන්නා බවට පුද්ගලයකු අධිකරණ අමාත්‍යංශයට ලබා දුන් තොරතුරකට අනුව කළ පරීක්‍ෂාවකදී ඔහු සන්තකයේ තිබී මෙම අති නවීන ජංගම දුරකථනය සොයා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත්ව ඇත. බූස්ස බන්ධනාගාරයට රැගෙන ඒමෙන් පසු දැඩි රැකවල් යටතේ විශේෂ සිරකුටියක රඳවා සිටි මෙම ජාත්‍යන්තර කුඩු ජාවාරම්කරු බන්ධනාගාර නිලධාරීන්ගේ පරීක්‍ෂාවට ලක් කෙරෙන අවස්ථාවේ විශේෂිත සිරකුටියෙන් පිටතට ගෙන සාමාන්‍ය තැනක රඳවා සිට ඇතැයිද උසස් බන්ධනාගාර නිලධාරියෙක් සඳහන් කළේය. අදාළ ජංගම දුරකථනය යොදාගෙන මෙම මත්කුඩු ජාවාරම්කරු ලබාගත් දුරකථන ඇමතුම් පිළිබඳවද විශේෂ විමර්ශනයක් අරඹා ඇත. ඔහුට එම ජංගම දුරකථනය ලබා දුන්නේ බූස්ස

බන්ධනාගාරයේ උසස් නිලධාරියකු සහ එහි ආරක්‍ෂාවට යොදවා සිටින ප්‍රධාන ආරක්‍ෂක අංශ නිලධාරියකු බව බූස්ස බන්ධනාගාරයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

ජංගම දුරකථනය ගෙනවිත් දීමට එම නිලධාරීන් දෙදෙනා මෙම කුඩු ජාවාරම්කරුගෙන් රුපියල් ලක්‍ෂ විසිපහක මුදලක් ලබාගෙන ඇතැයිද එම ආරංචි මර්ග වැඩිදුරටත් කියා සිටියි. අධි ආරක්‍ෂිත බූස්ස බන්ධනාගාරය තුළින් අති නවීන ජංගම දුරකථනයක් හමු වූ පළමු අවස්ථාව ද මෙය වේ.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment