බූස්ස හිරගෙය අධිආරක්ෂිත සිරගෙයක් කෙරේ

209

විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව සහ පැය 24 පුරා කි‍්‍රයාත්මක වන සී. සී. ටී. වී. කැමරා පද්ධතියක් සහිතව බූස්ස සිරගෙය අධි ආරක්ෂිත සිරගෙයක් ලෙස කි‍්‍රයාත්මක කිරීමට රජය තීරණය කර ඇත.
 
 දැනට මෙහි සිරකරුවන් 70 දෙනකු සිටින අතර අධි ආරක්ෂිත සිරකූඩු ඉදිකර තවත් සිරකරුවන් 30 දෙනකු ද සිරගත කිරීමට සැලසුම් කර තිබේ.
 
 මේ වනතුරු මෙරට අධි ආරක්ෂිත සිරගෙයක් නැත. පාස්කු ප‍්‍රහාරයට වරදකරුවන් වන ප‍්‍රධානතම අන්තවාදීන් මෙම සිරගෙට යවනු ඇත.

  කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment