බෙංගාල බොක්කේ අවපීඩනය ගැන රතු නිවේදනයක්

290

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විiා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

එම නිවේදනය ඊයේ (10 වැනිදා) දහවල් 12.00 සිට අද (11 වැනිදා) දහවල් 12.00 දක්වා වලංගු බව එම දෙපාර්තමේන්තුව කියයි. ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇත. ඊයේ සවස් කාලයේදී සුළි කුණාටුවක් දක්වාත්, ඉන් පසු අද (11 වැනිදා) මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී චණ්ඩ සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ විiා දෙපාර්තමේන්තුව කියයි.

ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදෙන විට අවධානයෙන් කටයුතු කරන ලෙස ද එම දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

එම පද්ධතිය උතුරට බරව ඊසාන දෙසට ගමන් කරමින් බංග්ලාදේශ සහ මියන්මාර වෙරළ තීරය වෙත ළඟාවනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විiා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ඉහත සඳහන් මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්‍ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස කාලගුණ විiා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment