බෙංගාල බොක්කේ සුළි කුණාටුවක්

205

බස්නාහිර- සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල- මාතර දිස්ත්‍රික්කවලත් අද (21) සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

ඌව සහ නැගෙනහිර පළාත්වලත්ල මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස 02 න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව කියයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට පැයට කිලෝමීටර 40 පමණ වේගවත් සුළං හමන අතර ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය අද දිනයේදී ගැඹුරු පීඩන අවපාතයක් සහ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එබැවින් නැවත දැනුම් දෙන තුරු ගිනිකොණදිග සහ නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයන්හි යාත්‍රා කිරීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවුක ප්‍රජාවට දැනුම්දීමක් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment